AFC Banner
Empty Ad
Empty Ad

තේ කම්හලක දළු ප්‍රවාහනය කරන යන්ත්‍රයකට ගෙළ සිර වී කම්කරුවාට බරපතළයි

බලංගොඩ, රාස්සගල ප්‍රදේශයේ පිහිටි තේ කර්මාන්තශාලාවක තේ දළු ප්‍රවාහනය කරන යන්ත්‍රයකට ගෙළ සිරවී එහි කම්කරුවෙක් බරපතළ තුවාල ලබා තිබෙනවා.

අද (12) දහවල් සිදු වූ මෙම අනතුරෙන් බරපතළ තුවාල ලැබූ කම්කරුවා ප්‍රතිකාර සඳහා බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා.

ඔහුගේ තත්ත්වය බරපතළවීම හේතුවෙන් රත්නපුර මහා රෝහල වෙත ඔහු මාරුකර යැවීමට කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තේ කර්මාන්තශාලාවේ පහළ මහලේ සිට ඉහළ මාලයට දළු ප්‍රවාහනය කරන යන්ත්‍රයට මෙලෙස ඔහුගේ ගෙළ සිරවී ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?