ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

සංචාරක ඇෆ්ගනිස්තාන සමග පැවති දෙවන එක්දින තරගය ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) රාත්‍රියේ සමත් වුණා.

ඇෆ්ගනිස්තාන පරදා ශ්‍රී ලංකාව මෙම තරගය ජයගත්තේ ලකුණු 155කින්.

මෙම ජයත් සමග තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දී ශ්‍රී ලංකාව ජයගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 තුළ කඩුලු හයක් දැවී ලකුණු 308ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

ඊට කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම සහ ජනිත් ලියනගේ අර්ධ ශතකවලින් දායක වුණා.

ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම වූ චරිත් අසලංක නොදැවී ලකුණු 97ක් රැස් කළා.

අනතුරුව ලකුණු 309ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තානයේ පළමු කඩුල්ල ලෙස රහමදුල්ලා ගුරුබාස් ලකුණු 08 කට දැවී ගියා.

ඔහුගේ දැවීයාමෙන් පසු ඊබ්‍රහීම් සර්දාන් සමග එක් වූ රහමත් ෂා ඇෆ්ගනිස්තානය වෙනුවෙන් දෙවන කඩුල්ලට සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැගුවා.

එහිදී ඊබ්‍රහීම් ලකුණු 54ක් සහ රහමත් ලකුණු 63ක් රැස් කළා.

ඔවුන් දෙදෙනාගේ දැවීයාමෙන් පසු ඇෆ්ගනිස්තාන ඉනිම කඩාවැටීම ආරම්භ වූ අතර, ඇෆ්ගනිස්තාන ඉනිම බිද දැමීමේ නියමුවා බවට පත් වුණේ වනිදු හසරංගයි.

පන්දු යැවීමේ දී හසරංග කඩුලු 04ක් බිද දැමූ අතර, ඩිල්ශාන් මදුසංක කඩුලු 02ක් සහ අසිත ප්‍රනාන්දු කඩුලු 02ක් දවාගත්තා.

අවසානයේ ඇෆ්ගනිස්තාන ඉනිම පන්දු වාර 33යි පන්දු 05ක් තුළ ලකුණු 153කට සීම කරන්නට ශ්‍රී ලංකා පන්දු බලඇණියට හැකියාව ලැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41