AFC Banner
Empty Ad
Empty Ad

ජයවික්‍රම සජබය හැරයයි

අසංග ජයවික්‍රම පෙරේරා මහතා අද(11) පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂය සමග එක් විය. ඔහු මිට පෙර සමගි ජන බලවේගයේ කටුගම්පොල ආසනයේ ආසන සංවිධායක ධුරය හෙබවූවා.

අද සිට එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුගම්පල ආසනයේ ආසන සංවිධායකවරයා ලෙස ඔහු කටයුතු කරනු ඇත.

මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සදහා කුරුණෑගල කටුගම්පල ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේ මාධ්‍ය සාකච්ඡාවක් කැදවා තිබුණා. මේ අතර ‍ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවති 07 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණි වහාම අද පෙරවරුවේ රෝගාතුරව සිටින හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ සුවදුක් විමසා බැලීම සදහා කුරුණෑගල පිහිටි ඒ මහතාගේ නිවසට පැමිණියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
12
+1
2
+1
1
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?