යතුරුපැදිය පාලනයෙන් ගිලිහී පොලිස් කොස්තාපල් ජීවිතක්ෂයට

හලාවත දෙස සිට ආණමඩුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

ඊයේ (10) පෙරවරුවේ පල්ලම පොලිස් වසමේ නන්දිමිත්‍ර පාසල අසළ දී මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් මියගොස් ඇත්තේ හලාවත පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක්.

මෙලෙස මියගොස් ඇති කොස්තාපල්වරයා රිදීබැඳිඇල්ල, 02 කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

අනතුරින් බරපතළ තත්ත්වයේ සිටි කොස්තාපල්වරයා ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (10) පස්වරුවේ මෙලෙස මියගොස් තිබෙනවා.

තම මිතුරෙකු හමුවීමට ගොස් ආපසු පැමිණෙමින් සිටිය දී ඔහු මෙම අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්නපුරත් ගංවතුරෙන් යටවෙයි - මිනිස්සු අමාරුවේ වැටෙයි
01:47
Video thumbnail
"උලපනේ කන්දක් නායයෑමේ අවදානමක්." හැමෝම දැනුවත් කරන්.. දැනටමත් ගල් ගලවගෙන එනවා..
00:43
Video thumbnail
ඇමති හොරකම් කරගත්ත සල්ලි ටික මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙන් ගන්නවා
14:26
Video thumbnail
අයහපත් කාලගුණය නිසා නුවරඑළියේ පාසල්වලට නිවාඩු
01:13
Video thumbnail
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
01:18
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29