කලකට පසු ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගයක දී ලකුණු 300 සීමාව පසුකරන්නට අද සමත් වුණා.
සංචාරක ඇෆ්ගනිස්තාන සමග මේ වනවිට පල්ලෙකැලේ දී පැවැත්වෙන පළමු එක්දින තරගයේ දී ශ්‍රී ලංකාව මෙලෙස ලකුණු 300 සීමාව ඉක්ම වූ ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවට එක් කළා.
ඒ අනුව ඇෆ්ගනිස්තාන ආරධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 03ක් දැවී ලකුණු 381ක් රැස් කිරීමට සමත් වුණා.
එහිදී ශ්‍රී ලංකා වෙනුවෙන් වටිනා ඉනිමක් ක්‍රීඩාකළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක රැස්කළ ලකුණු සංඛ්‍යාව 210ක්.
මෙය ඔහුගේ එක්දින ක්‍රිකට් දිවියේ මෙතෙක් රැස්‍කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වනවා.
ඊට අමතරව ශ්‍රී ලංකා පිතිකරුවෙක් එක්දින තරගයක දී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද මෙය වීම විශේෂත්වයක්.
පැතුම් සමග එක්ව ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් අවිනිශ්චික ප්‍රනාන්දු පන්දු 88ක් තුළ ලකුණු 88ක් රැස් කිරීමට සමත් වුණා.
ශ්‍රී ලංකා ඉනිම ලකුණු 300 සීමව පසුකරන්නට පැතුම්ට අනෙගි සහායක් ලබාදුන් සධීර සමරවික්‍රම රැස්කළ ලකුණු සංඛ්‍යාව 45ක්.
ඔවුන් දෙදෙනා එකව තුන්වන කඩුල්ලට ශතක සබදතාවක් ගොඩනැගුවා.
පන්දු යැවීමේ දී ඇෆ්ගනිස්තාන පනදු යවනනන් හයදෙනාම දැඩි ප්‍රහාරකට ලක් වූ ආකරය දැකගත හැකි වුණා.
ඒ, අනුව මෙම තරගය ජය ගැනීමට ඇෆ්ගනිස්තානයට පන්දු 300ක් තුළ ලකුණු 382ක් රැස්කරගත යුතු වනවා.




