ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය මේවන විට මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදීමටයි.
ඒ අනුව පැතුම් නිශ්ශංක සමගින් අවිශ්ක ප්‍රනාන්දු ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළා.
එහිදී සාර්ථක ආරම්භයක් ලබා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පිතිකරුවන් දෙදෙනාගෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එල්ල වුණේ දැඩි පීඩනයක්.
පැතුම් නිශ්ශංක විශිෂ්ඨ ඉණිමක් ක්‍රිඩාකරමින් ලකුණු 100ක් මේ වනවිට ලබා සිටිනවා.
පැතුම් එම ලකුණු 100 රැස්කළේ පන්දු 88ක් පමණක් වැයකරමින්.
ඔහු ලබාගත් මෙම ශතකය ඔහුගේ සිව්වැනි ජාත්‍යන්තර එක්දින ශතකයයි.
ඊට අමතරව අවිශ්ක ප්‍රනාන්දු පන්දු 88කදි 88ක් රැස් කරගත්තා.
ශ්‍රී ලංකා කණ්ඩායම මේවනවිට පන්දුවාර 31යි පන්දු 02ක් අවසානයේ දී එක් කඩුල්ලක් දැවී 200ක් ලබා සිටිනවා.




