පරණ පෙම්වතා තරුණියට තිරිසන් ලෙස පහර දෙද්දී කොස්තාපල් බේරගෙන රොහලට ගෙනයයි

මතුගම නාගොඩ මාර්ගයේ බෝඹුවල පාලම අසල දී ඊයේ (31) උදේ 7.15ට පමණ තරුණයකු විසින් තරුණියකට අමානුෂික ලෙස පහර දෙමින් සිටින අන්දම දුටු එම මාර්ගයේ ගමන් ගත් පොලිස් කොස්තාපල්වරයකු වහා ක්‍රියාත්මකවී එම තරුණිය මුදාගෙන කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇති බව දකුණු කළුතර  පොලිසිය පවසයි.  

පහර දුන් තරුණයා තරුණියගේ  පරණ පෙම්වතා බව ද කියයි. පහරකෑමට ලක්ව තුවාල ලබා නාගොඩ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන 24 හැවිරිදි තරුණිය කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි ජාත්‍යන්තර පාසලක ගිණුම් ලිපිකාරිනියක ලෙස සේවය කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

පහර කෑමට ලක්වූ තරුණිය  මුදාගෙන රෝහල් ගත කර ඇත්තේ  කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල් ඒ.එම්. නිරෝෂන් මිහිකැලුම් මායාදුන්නේ මහතා බව ද ඔහු කීය. පොලිස් කොස්තාපල් නිරෝෂන් මහතා කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයට රාජකාරියට වාර්තතා කිරිමට ඊයේ උදේ   යතුරුපැදියෙන් යමින් සිට ඇත. බෝඹුවල පාලම අසල දී තරුණයකු තරුණියකට අමානුෂික ලෙස පහර දෙමින් සිටින අන්දමත් පිරිසක් එතැනට රොක්වී එම පහරදීම ජංගම දුරකථනවලින් වීඩියෝ කරමින් සිටින අන්දමත් පොලිස් කොස්තාපල්වරයා දැක තිබෙන බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.

පොලිස් කොස්තාපල් නිරෝෂන් මහතා වහා ක්‍රියාත්මකවී තරුණිය මුදාගත් අවස්ථාවේ පහර දෙමින් සිටි තරුණයා පලාගොස් ඇතැයි පොලිසිය කියයි. පහරදීම ජංගම දුරකථනවලින් වීඩියෝ කරමින් සිටින අන්දමත් පොලිස් කොස්තාපල්වරයා දැක තිබෙන බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය. පොලිස් කොස්තාපල් නිරෝෂන් මහතා වහා ක්‍රියාත්මකවී තරුණිය මුදාගත් අවස්ථාවේ පහර දෙමින් සිටි තරුණයා පලාගොස් ඇතැයි පොලිසිය කියයි.

 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

lankadeepa

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
102
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලංගොඩ බිහිසුණු අනතුරේ CCTV දර්ශන එළියට.."අයියෝ ඒ අම්මේ..දෙයියනේ මොකද වුණේ"
01:57
Video thumbnail
බෝඩ්ලන්ඩ් ජලාශ වේල්ලෙන් පැ#න පුද්ගලයාගේ නිසල සිරුර හමුවෙයි
01:28
Video thumbnail
ආණ්ඩුව මේ රට වෙනුවෙන් කිසි දෙයක් කරලා නෑ..ජනතාව ගෙන්නන්න පුළුවන් කියලා අපි පෙන්නුවා නොවැම්බර්
02:56
Video thumbnail
දොර ඇරලා බැලුවේ නැත්තම් අද මගේ කෑලිත් නෑ..මහ පාන්දර ඇවිත් අලි දාන සෙල්ලම් මෙන්න
03:28
Video thumbnail
ජනපතිගේ කතාවෙදි සාගර බයවෙච්ච කාරණය සාගර හෙළිකරයි..මේක රටේ නීතිය අවභාවිතාවක්
04:38
Video thumbnail
බස් රථයක් රියදුරුත් නොමැතිව කඩවල්, වාහන කුඩු කරගෙන මනුස්සයෙක් එක්කම පෙරලෙයි
01:49
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්
00:47
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්..මූණත් වහගෙන පෝළිමට එන හැටි
01:11
Video thumbnail
මහින්දානන්ද පදනම සතු දේපල යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට.."අපි මේක මහින්දානන්දගේ කාර්යාලය විදියට කළා"
06:31
Video thumbnail
අපි හිරේ යන්න බය නෑ..රස්තියාදුකාරයෝ අපිට වැඩක් නෑ..පොළොන්නරුවේ ටී.බී. සරත්ට සැරටම දෙසයි
06:04