පොදු ප්‍රවාහනයේ දී කාන්තාවන් රකින මෙහෙයුමෙන් 42ක් අත්අඩංගුවට

දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් පොදු ප්‍රවාහන සේවය තුළදී ළමයින්ට හා කාන්තාවන්ට විවිධ ලිංගික අතවර සිදුකරන ලද සැකකරුවන් 18ක් සහ ගැටකපන්නන් ඇතුළු සැකපිට පුද්ගලයින් 24 දෙනෙකු සමඟින් මුළු සැකකරුවන් 42 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොදු ප්‍රවාහන සේවා වලදී ළමයින්ට හා කාන්තාවන්ට විවිධ ලිංගික හිංසනයන් සිදුවන බවට දෛනිකව පොලිස් ස්ථාන වලට වාර්තාවන පැමිණිලි සැලකිල්ලට ගනිමින් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ඊයේ (07) දින මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණා.

මහජනතාව වැඩි වශයෙන් පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන උදෑසන 08.00 සිට 10.00 දක්වා සහ සවස 05.00 සිට රාත්‍රී 07.00 දක්වා කාලයේදී වැඩි ප්‍රමුඛත්වයක් ලබාදී සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිළධාරීන් කණ්ඩායම් රැසක් මෙම මෙහෙයුමට යොදවා තිබු බව පොලිස් මුලස්ථානය සඳහන් කර සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්නපුරත් ගංවතුරෙන් යටවෙයි - මිනිස්සු අමාරුවේ වැටෙයි
01:47
Video thumbnail
"උලපනේ කන්දක් නායයෑමේ අවදානමක්." හැමෝම දැනුවත් කරන්.. දැනටමත් ගල් ගලවගෙන එනවා..
00:43
Video thumbnail
ඇමති හොරකම් කරගත්ත සල්ලි ටික මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙන් ගන්නවා
14:26
Video thumbnail
අයහපත් කාලගුණය නිසා නුවරඑළියේ පාසල්වලට නිවාඩු
01:13
Video thumbnail
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
01:18
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29