දියණියන් දෙදෙනාට හදි කළ බේබදු පියාට වසර 60ක සිරදඬුවම්

මෙයට වසර අටකට ඉහතදී අධික ලෙස බීමත්ව නිවසට පැමිණි පියකු විසින් තම දියණියන් දෙදෙනා දූෂණය කිරීම පිළිබඳව චෝදනා 3ක් මත පැවරූ නඩු හතරකට මාතර මහාධිකරණයේ පැවැති නඩු

විභාගයෙන් පසු වරදකරු වූ 47 හැවිරිදි පියකුට එක් නඩුවකට වසර 15 බැගින් නඩු 4ට වසර 60ක බරපතළ වැඩ ඇතිව සිරදඬුවම් මාතර මහාධිකරණ විනිසුරු චාමර තෙන්නකෝන් මහතා විසින් නියම කරන ලදී.

පෙර දඬුවමට අමතරව එක් නඩුවකට රුපියල් දස දහස බැගින් නඩු හතරට රුපියල් හතළිස් දහසක දඩයක් ද එය නොගෙවන්නේ නම් මාස 24ක සිරදඬුවමක් ද නියම විය.

තවද වින්දිත දැරියකට එක් නඩුවකට රුපියල් පනස්දහසක් බැගින් නඩු 4ට රුපියල් ලක්ෂ දෙකක මුදලක් වන්දියක් ලෙස ගෙවන ලෙසට ද එය නොගෙවන්නේ නම් තවත් වසර 4ක සිරදඬුවමක් ද නියම කෙරිණි.

මෙසේ සිරදඬුවම්, දඩ සහ වන්දි නියම වූයේ ඒ. එච්. විජිත නම් විත්තිකරුටය.

වයස අවුරුදු 14 සහ 16 හැවිරිදි දැරියන් දෙදෙනා සිටි නිවසට බීමත්ව පැමිණි පියා (විත්තිකරු) දියණියන් දෙදෙනා දූෂණය කිරීම යන චෝදනා 3ක් මත නඩු 4කින් විත්තිකරුට විරුද්ධව මාතර මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබිණි.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ කි‍්‍රෂාන්ත ද අල්විස් සහ දයාන් පෙරේරා යන මහත්වරු පෙනී සිටියහ.

මාතර – චන්ද්‍රදාස කොඩිතුවක්කු

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
49
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලංගොඩ බිහිසුණු අනතුරේ CCTV දර්ශන එළියට.."අයියෝ ඒ අම්මේ..දෙයියනේ මොකද වුණේ"
01:57
Video thumbnail
බෝඩ්ලන්ඩ් ජලාශ වේල්ලෙන් පැ#න පුද්ගලයාගේ නිසල සිරුර හමුවෙයි
01:28
Video thumbnail
ආණ්ඩුව මේ රට වෙනුවෙන් කිසි දෙයක් කරලා නෑ..ජනතාව ගෙන්නන්න පුළුවන් කියලා අපි පෙන්නුවා නොවැම්බර්
02:56
Video thumbnail
දොර ඇරලා බැලුවේ නැත්තම් අද මගේ කෑලිත් නෑ..මහ පාන්දර ඇවිත් අලි දාන සෙල්ලම් මෙන්න
03:28
Video thumbnail
ජනපතිගේ කතාවෙදි සාගර බයවෙච්ච කාරණය සාගර හෙළිකරයි..මේක රටේ නීතිය අවභාවිතාවක්
04:38
Video thumbnail
බස් රථයක් රියදුරුත් නොමැතිව කඩවල්, වාහන කුඩු කරගෙන මනුස්සයෙක් එක්කම පෙරලෙයි
01:49
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්
00:47
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්..මූණත් වහගෙන පෝළිමට එන හැටි
01:11
Video thumbnail
මහින්දානන්ද පදනම සතු දේපල යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට.."අපි මේක මහින්දානන්දගේ කාර්යාලය විදියට කළා"
06:31
Video thumbnail
අපි හිරේ යන්න බය නෑ..රස්තියාදුකාරයෝ අපිට වැඩක් නෑ..පොළොන්නරුවේ ටී.බී. සරත්ට සැරටම දෙසයි
06:04