යුද හමුදාවේ 1450කට උසස්වීම්

76 වන ජාතික නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන්හී නිලධාරින් 211 දෙනෙකු සහ සෙසුනිලයන් 1239 දෙනෙකුට උසස්වීම් පිරිනමා තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය මත මෙම උසස්වීම් පිරිනමා ඇති බවයි යුද හමුදාව නිවේදනය කළේ.

යුද හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන් හි බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 02 දෙනෙකු මේජර් ජෙනරල් නිලයට, කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 12 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට, ලුතිතන් කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 13 දෙනෙකු කර්නල් නිලයට, මේජර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 17 දෙනෙකු ලුතිතන් කර්නල් නිලයට, කපිතන් නිලයේ නිලධාරීන් 29 දෙනෙකු මේජර් නිලයට, ලුතිතන් නිලයේ නිලධාරීන් 13 දෙනෙකු කපිතන් නිලයට, දෙවන ලුතිතන් නිලයේ නිලධාරීන් 125 දෙනෙකු ලුතිතන් නිලයටත් මෙලෙස උසස්වීම් ලබා ඇති බවයි වාර්තා වුණේ.

නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන්හී බළලත් නිලධාරි II නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 49 දෙනෙකු බළලත් නිලධාරි I නිලයටත්, මාණ්ඩලික සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 111 දෙනෙකු බළලත් නිලධාරි II නිලයටත්, සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 135 දෙනෙකු මාණ්ඩලික සැරයන් නිලයටත්, කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 170 දෙනෙකු සැරයන් නිලයටත්, ලාන්ස් කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 364 දෙනෙකු කෝප්‍රල් නිලයට සහ සාමාන්‍ය සෙබලුන් 330 දෙනෙකු ලාන්ස් කෝප්‍රල් නිලයටත් මෙලෙස උසස්වීම් පිරිනමා තිබෙනවා.

ඊට අමතරව යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර් නිලයේ නිලධාරීන් දෙදෙනෙකු වන මේජර් ජෙනරල් පී.එන් ගොඩැල්ලවත්ත යූඑස්පී පීඑස්සී සහ මේජර් ජෙනරල් යූ.එල්.ජේ.එස් පෙරේරා ආර්එස්පී යූඑස්පී පීඑස්සී මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලබා ඇති බවයි යුද හමුදාව නිවේදනය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44