මංගල තරග චාමිකට අසුබයි ද ? – ටෙස්ට් තරගයෙනුත් ඉවතට

සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන වේග පන්දු යවන ක්‍රීඩක චාමික ගුණසේකරට එම තරගයෙන් ඉවත්වීමට අද (04) සිදුවුණා.

ඒ, ඔහු පන්දුවට පහර දෙමින් සිටිය දී පන්දුවක් ඔහු පැළඳ සිටි ආරක්‍ෂිත හිස් ආවරණයේ වැදී සිදුවූ අනතුරක් හේතුවෙන්.

එහිදී ඔහුට පිටියෙන් ඉවත්වීමට සිදු වූ අතර, චාමික වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ශ්‍රී ලංකා කණ්ඩායමට ආදේශ කළා.

2022 වසරේ දී චාමික ගුණසේකර සහභාගී වූ ඔහුගේ මංගල එක්දින තරගයේ දී ද ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්වීමට සිදු වුණා.

ඒ, සිම්බාබ්වේ කණ්ඩායම් සමඟ 2022 වසරේ පල්ලෙකැලේ දී පැවති එක්දින තරගයකදී යි.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නව නීති රීතිවලට අනුව යම් ක්‍රීඩකයෙක් පිටියෙන් ඉවත් වූ පසු වෙනත් ක්‍රීඩකයෙක් ආදේශ කිරීමේ අවස්ථාව පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37
Video thumbnail
සුවිප් ටිකට් ඇදිලා බලයට ආ කල්ලතෝනීන්ට අරහත් ධජය නවත්තන්න බෑ - ගින්දර අළුයට හැංඟිලා තියෙන්නේ
05:53
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12