අද සහ හෙට කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක් – නිදහස් උත්සවයේ ආරක්ෂාවට පොලිසියේ 4,000ක් (වීඩියෝ)

76 වන ජාතික නිදහස් උත්සවය වෙනුවෙන් අද (03) සහ හෙට (04) යන දෙදින තුළ කොළඹ ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසනවා.

ඊයේ (02) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මේ බව සඳහන් කළා.

මේ අතර නිදහස් උත්සවයේ රථ වාහන රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 1,500කට ආසන්න පිරිසක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ජාතික නිදහස් උත්සවයේ ආරක්ෂාව සහ වෙනත් රාජකාරි සඳහා පොලිසියේ නිලධාරින් 4,000ක් යොදවා තිබෙනවා.