ජනවාරි මාසයේ දී උද්ධමනය සියයට 6.4ක් දක්වා ඉහළට (වීඩියෝ)

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී සියයට 2.9ක් වූ කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය ජනවාරි මාසයේදී සියයට 6.4ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කළේ, මෙම ඉහළ යෑම තම පුරෝකතනයට බොහෝ දුරට අනුකූල බවයි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වෙනස අනුව දෙසැම්බර් මාසයේ දී සියයට 0.3ක පැවති ආහාර උද්ධමනය ජනවාරි මාසයේ දී සියයට 3.3ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආහාර නොවන උද්ධමනය සියයට 7.9ක් දක්වා ජනවාරි මාසයේ දී ඉහළ ගියා.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ එම අගය පැවතියේ සියයට 5.8ක් ලෙසයි.

ප්‍රධාන වශයෙන් 2024 වසර ආරම්භයේ ක්‍රියාත්මක කළ බදු සංශෝධන සහ අයහපත් කාලගුණයෙන් ආහාර සැපයුමට බාධා ඇතිවීම උද්ධමනය ඉහළ යෑමට හේතු වී ඇතැයි මහබැංකුව පවසනවා.

කෙසේ වෙතත් මැදිකාලීනව උද්ධමනය සියයට 5ක ඉලක්කගත මට්ටමේ ස්ථායී වනු ඇති බව මහබැංකුවේ අපේක්ෂාවයි.

පසුගිය වසර තුළ වෙළෙඳ ගිණුමේ සමස්ත හිඟය 2022 වසරේ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 5,185ක සිට ඩොලර් මිලියන 4900ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

එය 2010 වසරෙන් පසු වාර්තා වූ අඩුම වෙළෙඳ හිඟයයි.

කෙසේ වෙතත් වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම 2022 වසරට සාපේක්ෂව සියයට 9.1කින් පහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ප්‍රධාන වශයෙන් ඇඟලුම් අපනයන පහළ යෑම ඊට හේතුවයි.

නමුත් නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේ දී ඇගලුම් අපනයනවල සැලකිව යුතු වර්ධනයක් පෙන්නුම් කරන බව මහබැංකු සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.

පසුගිය වසර අවසන් වන විට දල නිල සංචිත ඇමෙරිකානු ඩොලර් 4.4ක් දක්වා ඉහළ ගියා.

දළ නිල සංචිතවල ආනයන ආවරණය 2012 වසරේ අප්‍රේල් මාසයෙන් පසු පළමුවරට ආනයනික මාස 3ක සීමාවද අභිබවා ඉහළ ගොස් තිබෙනවා.

මේ වසරේ ජනවාරි මාසය තුළ ද දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව, ජනවාරි පළමු දින සිට 30 වන දින දක්වා කාලය තුළ දිවයිනට සංචාරකයින් 201,687 දෙනෙකු පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කළා.

පසුගිය වසරේ දෙසැම්බර් මාසය තුළ ද දිවයිනට සංචාරකයින් 210,352 දෙදෙනෙක් පැමිණ තිබුණා.

2023 වසරේ සංචාරක ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2,068ක් ලෙස වාර්තා වූ අතර එය 2022 වසරට සාපේක්ෂව සියයට 82ක ඉහළ යෑමක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48