Empty Ad
AFC Banner
Empty Ad

අස්වැසුමට තවත් ලක්ෂ 04ක් තෝරාගැනීමට අයදුම්පත් කැඳවීම පෙබරවාරි 10 සිට

නව අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 04ක් තෝරාගැනීම සඳහා අයදුම්පත් කැඳවීම පෙබරවාරි මස 10 වනදා වන විට ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ, අනුව ලක්ෂ 20ක් පමණ වූ අස්වැසුම ප්‍රතිලාභීන් සංඛ්‍යාව තවත් ලක්ෂ 04 කින් වැඩිකිරීම මෙමඟින් සිදුකෙරෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අද (01) උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම ප්‍රතිලාභීන් තෝරාගැනීමේ දී විවිධ පාර්ශ්වවලින් ලද යෝජනා අනුව නිර්ණායක සංශෝධනය කිරීම කෙරෙහි ද අවදානය යොමුව ඇති බවයි.

එම පවුල් තෝරා ගැනීමේ දී සිදුවූ නිර්ණායකවලට බර තැබීමේ දී යමෙකුට මෙම වැඩපිළිවෙලට අයදුම් කිරීමට නොහැකි වූයේ නම් එමගින් ඔවුන්ට ද අයදුම් කිරීමට අවස්ථාව උදාවන බව ඔහු සඳහන් කළා.

මේ වන විට අස්වැසුම ප්‍රතිලාභ හිමිවන පරණ ප්‍රතිලාභීන්ට මේ සඳහා අයදුම් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්, එම අයදුම්කරුවන් ලබාදුන් තොරතුරු තහවුරු කර ගැනීමට රජය බලාපොරොත්තු වන බවද පැවසුවා.

පසුගිය වසරේ දී අස්වැසුම ප්‍රතිලාභීන්ට ප්‍රතිලාභ ලබාදීම සඳහා ලෝක බැංකුවෙන් ප්‍රතිපාදන ලබාදුන්න ද මෙම වසරේ මහා භාණ්ඩාගාරය මඟින් ඊට ප්‍රතිපාදන ලබාදෙන බවත් රුපියල් බිලියන 205ක මුදල සපයා ගැනීම සඳහා රාජ්‍ය ආදායම වර්ධනය කරගැනීම සඳහා වූ සැලසුම් සියල්ල සකස් කර ඇති රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිමි නමක් ලොකු තැනට සුද්ද සිංහලෙන් අමතයි
03:31
Video thumbnail
අද රෑ 12න් පස්සේ ෆිනෑන්ස් නොගෙවපු වාහන ඔක්කොම උස්සනවා - හෙළිදරව්ව මෙන්න
06:41
Video thumbnail
බුත්තල හොල්ලපු ජනපතිගේ සුපිරි කතාව - ගමේ වැඩ කරන්න බලය අපිට දෙන්න
45:35
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:51:09
Video thumbnail
නියෝජ්‍ය ඇමති රාජපක්ෂලාගේ පලු අරිද්දී නිවේදකයා ඇමතිගේ කතාව නවත්වයි - මේ මොකක්ද මේ වෙන්නේ
14:50
Video thumbnail
පොහොට්ටුව ආණ්ඩුවේ සායම යවපු හැටි
15:31
Video thumbnail
මොනවා වුණත් මහින්ද මහත්තයා හැමදාමත් ඉන්නේ හදවතේ
00:22
Video thumbnail
රනිල් හදිසියේ අදත් ජාතිය අමතයි - මියන්මාරය ගැන රනිල් සංව්දී වෙයි
04:29
Video thumbnail
අසේල - විමල්ට කනේ ඇබ ගහගන්නම දෙසයි
05:34
Video thumbnail
කොළඹ 07 හොල්ලපු විමල්ගේ සෙට් එක - තත්ත්වය බරපතලයි - පොලිසියත් කැඳවයි
11:13

?