පණු බූන්දි කවන්න ගිය වෙළෙන්දාට වැඩ වරදී (ඡයාරූප)

පණුවන් සහිත පැණි බූන්දි අලෙවි කළ ව්‍යාපාරිකයෙකු කැකිරාව නගරයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලැබුණු පැමිණිල්ලක් අනුව කළ වැටලීමකදීයි.

අදාළ ව්‍යාපාරික ස්ථානයෙන් කුඩා දරුවෙකුට ලබා දීමට පැණී බූන්දි මිලදී ගත් පාරිභෝගිකයකු එහි පණුවන් සිටිනු බව දැක ඇති අතර පසුව ඔහු පණුවන් සහිත එම බුන්දී තොගය කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය වෙත ඉදිරිපත් කර ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුණා.

ඒ අනුව, ක්‍රියාත්මක වූ කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් අදාල ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගනු ලැබුවා.

ආහාර පනතෙන් එම නිලධාරීන්ට පැවරී ඇති බලතල අනුව අත්අඩංගුවට පත් එම සැකකාර ව්‍යාපාරිකයා සතුව තිබී අලෙවියට සූදානම් කර තිබූ බව කියන එම පැණි බුන්දි තොගය විනාශ කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මිනිස් පරිභෝජනයට නුසුදුසු කිලෝ 15ක පමණ පැණී බුන්දි තොගයක් මෙලෙස විනාශ කළ බව සඳහන්.

මෙලෙස සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ, කැකිරාව බස් නැවතුම්පල ආශ්‍රිතව රස කැවිලි අලෙවි සැලක් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරිකයෙකි.

අත්අඩංගුවටපත් එම ව්‍යාපාරිකයා දන්වන දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීමේ කොන්දේසිය මත රුපියල් 50,000ක ශරීර ඇපයක් ද නියමකර මුදා හැරීමට කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පියවර ගෙන තිබෙනවා.

සැකකරු ලබන 08 වන දා කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ආහාර පාන මිලදී ගැනීමේදී හා ඒවායේ කල් ඉකුත්වීමේ දින මෙන්ම කුඩා දරුවන්ට ආහාර පාන ලබා දීමට පෙර ඒවායේ තත්ත්වය ගැන සුපරීක්ෂාකාරීව කටයුතු කරන්නැයි ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා දැනුම් දෙනවා.

WhatsApp Image 2024 01 31 at 11.37.36
WhatsApp Image 2024 01 31 at 11.37.35 2
WhatsApp Image 2024 01 31 at 11.37.35 1
WhatsApp Image 2024 01 31 at 11.37.35
WhatsApp Image 2024 01 31 at 11.37.34
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
7
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන යාපනය ජන රැලිය සජීවීව
00:00
Video thumbnail
දරුවන් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන්
03:00
Video thumbnail
රනිල්ගේ ඇත්ත නැත්ත හෙළිකරන්න පිල්ලෙයාන් කටඅරී
26:36
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන මන්නාරම ජන රැලිය සජීවීව
01:54:56
Video thumbnail
ගාල්ල යක්කලමුල්ල අනතුරේ සජීවී දර්ශන
04:02
Video thumbnail
මරික්කාර් දුම්මල වරම අතට ගනියි - කරපු සැර කතාවට සභාවම නිහඬයි
15:29
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57

?