පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙක් සැක සහිත ලෙස මියයයි

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකපිට පොලිස් අත්අඩංගුවට ගත් වයස අවුරුදු 22ක තරුණයෙකුගේ මරණය සැකසහිත බව පවුලේ ඥාතීන් චෝදනා චෝදනා කරනවා.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විශේෂ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (30) පෙරවරුවේ මෙම තරුණයා ඇතුළු තවත් තරුණයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන සිටියදී, මිය ගිය තරුණයා පොලිස් සිරමැදිරිය තුලදී හදිසියේම රෝගාතුරවීම හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඊයේ පස්වරුවේ ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා

මෙසේ මියගොස් ඇත්තේ, අනුරාධපුර, දෙවන පියවරෙහි පදිංචි ශානුක ගිහාන් මාරඹගේ නමැති වයස අවුරුදු විසි දෙකක පවුලේ එකම පිරිමි දරුවායි.

මියගිය තරුණයාගේ මව විදේශගතව සිටින බවත් ඔහුගේ ආච්චි සහ සීයාගෙ රැකවරණය යටතේ මියගිය තරුණයා ජීවත්ව සිටි බවත් පවුලේ ඥාතීන් කියා සිටියා.

ඔවුන් සඳහන් කරන්නේ, මෙම මරණය පිළිබඳව සැක සහිත බවත් පොලිස් අත්අඩංගුවෙන් පසු කිසියම් දෙයක් සිදුව ඇති බවත්ය.

මත්ද්‍රව්‍යවලට සම්බන්ධව සැකපිට මෙම තරුණයා සහ ඔහුගේ තවත් මිතුරන් තිදෙනෙකු සමඟ ඊයේ පෙරවරුවේ අනුරාධපුර විශේෂ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් ඔවුන්ගේ නිවසේ සිටියදී අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගොස් ඇති අතර පසුව ඔවුන්ගේ ඥාතීන් පොලිසියට ගිය විටදී තරුණයන්ට අවශ්‍ය ආහාර ලබා දී යළිත් නිවසට පැමිණ තිබෙනවා.

පසුව ඥාතීන්ට කිසියම් අයෙකු විසින් දුරකථනය මගින් දැනුම්දී තිබෙන්නේ, තරුණයා හදිසියේ රෝගීවීම හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බැවින් ඔවුන්ට කඩිනමින් රෝහලට පැමිණෙන ලෙසයි.

එම දැනුම්දීමට අනුව එහි ගිය ඥාතීන්ට දැකගැනීමට හැකි වී තිබෙන්නේ මියගිය තරුණයාගේ නිසල දේහයයි.

මේ පිළිබඳව පොලිසියෙන් සිදුකළ විමසීමේදී උසස් පොලිස් නිලධාරීවරයකු සඳහන් කර ඇත්තේ, මත්ද්‍රව්‍ය භාවිතයට නොමැතිවීම හේතුවෙන් සිදුවූ සංකූලතාවයක් නිසා ඔහු සිරමැදිරිය තුළදී රෝගී වීමෙන් පසුව කඩිනමින් රෝහල් ගත කළ බවත් එහිදී මෙම තරුණයා මිය ගිය බව දැනගන්නට ලැබුණු බවයි.

තවද මොහුට පෙර වැරදි පහක් තිබෙන බව ද ඔවුන් පවසනවා.

කෙසේ වෙතත් මියගිය තරුණයාගේ පවු‍ලේ ඥාතීන් සඳහන් කරන්නේ, මෙම මරණය පිළිබඳව සැක සහිත බවත් මෙම පොලිස් කණ්ඩායම පසු ගිය (29)වනදා මෙලෙස මෙම තරුණයා අත්අඩංගුවට ගැනීමට පැමිණි බවත් එම අවස්ථාවේදී ඥාතීන්ගේ දැඩි විරෝධතාවය හමුවේ ඔවුන් මෙම තරුණයා අත්අඩංගුවට නොගෙන පසුව ඊයේ පෙරවරුවේ යළිත් පැමිණ ඔවුන්ව අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගිය බවයි.

අත්අඩංගුවට පත් අනෙක් තරුණයින් තිදෙනා තවදුරටත් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රඳවා තිබෙන බවත් ඔවුන් හෙට (01) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23