ඉන්දීය ආරම්භක පිතිකරු මායන්ක් අගර්වාල් දැඩි සත්කාර ඒකකයට

ඉන්දීය ආරම්භක පිතිකරු මායන්ක් අගර්වාල් රංජි කුසලාන තරගයකට සහභාගී වීමෙන් පසු අගර්තාලා සිට සූරත් දක්වා ගුවන් යානයක ගමන් කරමින් සිටියදී ඔහුගේ මුඛයේ සහ උගුරේ අපහසුතාවයක් ඇතිව වහාම ඔහුව අගර්තලා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මායන්ක් අගර්වාල් මෙම රෝගී තත්ත්වයක් හේතුවෙන් අගර්තාලාහි දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අගර්වාල්ගේ තත්ත්වය යහපත් නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඔහු තවමත් දැඩි සත්කාර ඒකකයේ පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
8
+1
1
+1
4
+1
22
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?