රනිල් අයින්කර මහින්ද පත්කළාට මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසකට නොතීසි (වීඩියෝ)

2018 වසරේ එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඉකුත් යහපාලන රජයේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව ගොනු කෙරුණු මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (29) අවසර ලබා දුන්නා.

මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසකට අධිකරණය විසින් නොතිසි නිකුත් කරන ලෙසත් නියෝග කළා.

මෙම පෙත්සම සම්බන්ධයෙන් ඊයේ (29) මූලික වශයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව එස්. තුරෙයි රාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පූලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ඉන් අනතුරුව අදාළ පෙත්සම සම්බන්ධයෙන් සැප්තැම්බර් මස 23 වනදා විභාගයට ගැනීමට ද අධිකරණය තීන්දු කළා.

මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් විසින්.

පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත් 2018 වසරේ ඔක්තෝබර් මස 26 වනදා එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් එවක අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ ධුරයෙන් ඉවත්කළ බවයි.

ඉන් අනතුරුව එම තනතුර සඳහා මහින්ද රාජපක්ෂ පත් කෙරුණු බවත් පෙත්සමේ සඳහන්.

පෙත්සම්කරු කියා තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය යටතේ පාර්ලිමේන්තුවේ බහුතර බලය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සතුව තිබිය දී ඔහු ඉවත්කොට එම තනතුර සඳහා මහින්ද රාජපක්ෂ පත් කිරීමට එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.

ජනාධිපතිවරයාට සිය අභිමතය පරිදි අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට නීතිමය හැකියාවක් නොමැති බවත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම හරහා එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14