19 පහළ එක්දින ලෝක කුසලානයේ සුපිරි 06 වටයේ තරග පැවැත්වෙන්නේ මෙහෙමයි

වයස අවුරුදු 19 පහළ එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුපිරි හයදෙනාගේ තරග වටයේ තරග පැවැත්වෙන කාලසටහන මේ වනවිට නිවේදනය කරනවා.

ඒ, අනුව සුපිරි හයදෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායමට තරග දෙකක් ක්‍රීඩා කළ යුතු වනවා.

එහි පළමු තරගය හෙට (30) බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19 පහළ කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිත අතර, දෙවන තරගයේ ප්‍රතිවාදීන් ලෙස මුණගැසෙන්නේ දකුණු අප්‍රිකාවයි.

එම තරගය එළඹෙන 02 වනදා පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලියේ සුපිරි හයදෙනාගේ වටයට ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පාකිස්ථානය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, නේපාලය, දකුණු අප්‍රිකාව, අයර්ලන්තය, සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව් දේශය සුදුකම් ලබා තිබෙනවා.

423006151 765472402117820 6316146216865903896 n


අපගේ නවතම වීඩියෝ පුවත්