2024 ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව ඉතාලියේ ජැනික් සිනර්ට

2024 ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ ශූරතාව හිමිකර ගත් ඉතාලි ජාතික ජැනික් සිනර් සිය මංගල ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවට හිමිකම්කීමට සමත් වුණා.

ඒ, මෙවර ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශුරතාවලියේ අද (28) පැවති අවසන් මහා තරගයේ දී ඔහුගේ ප්‍රතිවාදියා වූ රුසියානු ක්‍රීඩක ඩැනියල් මෙඩ්විඩෙව් පරාජය කරමින්.

පැය තුනයි මිනිත්තු 44ක කාලයක් පුරා විහිදුනු අවසන් මහා තරගයේ ලකුණු සටහන දැක්වුණේ 3-6, 3-6, 6-4, 6-4 සහ 6-3ක් ලෙසයි.

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් 2008 වසරේ 20 හැවිරිදි වියේ දී මෙල්බර්න් හිදී සිය මංගල ග්‍රෑන්ඩ් ස්ලෑම් කිරුළ හිමිකරගත් පසු ඕස්ට්‍රේලියානු විවෘත පිරිමි කේවල ශූරතාව දිනූ ලාබාලතම ක්‍රීඩකයා බවට 22 හැවිරිදි ජැනික් සිනර් අද පත් වුණා.

මේ අතර 2024 ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා ශූරතාවයට හිමිකම් කීමට බෙලරූස් හි අරීනා සබලෙන්කා සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී චීනයේ Zheng Qinwen පරාජය කරමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?