මිත්තණියගේ මරණයට සැකපිට මුණුපුරා අල්ලයි (වීඩියෝ)

70 හැවිරිදි මිත්තණියගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ මුණුපුරා අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙලිඅත්ත, නිහිලුව ප්‍රදේශයේ පදිංචිව සිටි 15 හැවිරිදි මුණුපුරායි.

අදාළ මිත්තණිය පසුගිය 17 වනදා හදිසියේම නිවසේ දී මියගොස් ඇති අතර, ඇය වසර කිහිපයක සිට අසනීප තත්ත්වයෙන් සිට ඇති බවයි වාර්තා වන්නේ.

සිය මිත්තණියගේ මරණය සම්බන්ධයෙන් 15 හැවිරිදි මුණුපුරා ග්‍රාමසේවකට පවසා ඇති අතර, එහිදී ග්‍රාමසේවකවරයා මරණය සම්බන්ධයෙන් පොලිසියට දැනුම්දෙන ලෙසයි මුණුපුරාට පවසා ඇත්තේ.

එම උපදෙස් අනුව මුණුපුරා සිය මිත්තණියගේ මරණය පිළිබඳව බෙලිඅත්ත පොලිසියට ගොස් පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

මේ අතර මියගිය මිත්තණියගේ නිවස ආසන්නයේ පිහිටි තවත් නිවසක පසුගිය 30 වනදා සිදු වූ සොරකමක් සම්බන්ධයෙන් මෙම මුණුපුරාගෙන් පොලිසිය පසුගිය දා ප්‍රශ්නකර තිබෙනවා.

එහිදී තමන් විසින් එම නිවසින් රන් භාණ්ඩ සොරකම් කළ බවට පිළිගෙන ඇති මුණුපුරා, තම වයෝවෘද මිත්තණියගේ ගෙළේ තිබූ රන් මාලය ද සොරාගත් බවයි පොලිසිය හමුවේ පවසා ඇත්තේ.

මුණුපුරා විසින් පොලිසිය හමුවේ මෙම කරුණු හෙළිකර ඇත්තේ මිත්තණිය මියගොස් ඇයගේ අවසන් කටයුතු ද සිදුකිරීමෙන් පසුවයි.

ඒ, අනුව පෙරේදා (26) දිනයේ දී සැකකාර මුණුපුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මිත්තණියගේ මරණය සැක සහිත බැවින් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව එම මෘත ශරීරය හෙට (29) දිනයේ දී යළි ගොඩගැනීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් මුණුපුරා බෙලිඅත්ත ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන අතර, ඔහු එම පාසලේ ශිෂ්‍ය නායකයකු ලෙස ද කටයුතු කරන බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25