Seeduwa Brave සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන සීදූව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඒ කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

33 හැවිරිදි ඩිල්ෂාන් ප්‍රනාන්දු නම් ඔහු නිව්මෝනියා ආසාදිත තත්වය හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවුණා.

හලාවත මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහායි කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබුණේ.

පුත්තලම ප්‍රදේශයේ පදිංචි ඔහුගේ දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම්දීමට නියමිතයි.