ටෙස්ලා මෝටර් රථ 2000ක් නැවත කැඳවයි

ලොව ප්‍රකට අමෙරිකානු ඉලෙක්ට්‍රොනික වාහන නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම ඔවුන්ගේ නවතම මෝටර් රථ 2000ක් නැවත කර්මාන්තශාලා වෙත කැඳවීමට තීරණය කර තිබෙනවා.

මීට හේතු වී ඇත්තේ මෝටර් රථවල පසුපස කැමරාවේ මතුව ඇති තාක්ෂණික දෝෂයක්.

ටෙස්ලා සමාගම මීට මාස දෙකකට පමණ පෙරත් වෙළඳපොළට නිකුත් කර තිබූ මෝටර් රථ මිලියන 2 කට ආසන්න ප්‍රමාණයක් නැවත කැඳවීමට තීරණය කළේ එම මෝටර් රථවල ස්වයංක්‍රීය ධාවන පද්ධතිය පරිපාලනය කෙරෙන පරිගණකය මෘදුකාංගයේ මතුවූ දෝෂ සහගත තත්ත්වයක් හේතුවෙන්.

අමෙරිකානු ජාතික මහාමාර්ග රථවාහන ආරක්ෂණ පරිපාලන ඒකකය සිදුකළ දැනුම්දීමකට අනුව මෙලෙස ආපසු කැඳවනු ලබන්නේ 2023 වර්ෂයේ ටෙස්ලා S, X සහ Y කාන්ඩයේ මෝටර් රථයි.

කෙසේ වෙතත් මෙම ගැටලුව හේතුවෙන් මෙතෙක් කිසිදු මරණ, තුවාල සිදුවීම් හෝ අනතුරු කිසිවක් වාර්තා වී නැතත් එම දෝෂය සම්බන්ධයෙන් ටෙස්ලා සමාගමෙන් වගකීම් හිමිකම් ඉල්ලා සිටි මෝටර් රථ 81 මේ වන විටත් හඳුනාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් මිල අඩු කරන්න එපා, රු 650ක් වෙනකම් වැඩි කරන්න
04:00
Video thumbnail
ජනාධිපතිතුමා කරපු වැඩේ දැකලා මිනිස්සු පුදුම වෙයි
01:16
Video thumbnail
අතුරුගිරියේ නිවසකින් අධි බලැති යතුරුපැදි පහක් කොටුවෙයි - කොහොමද බයික් ටික?
02:22
Video thumbnail
මගේ පැන්ට්‍රියට එන ඇමතිවරු දැන් ඉන්නේ - ආපු ගමන් අහන්නේ කෑම ගැන
04:19
Video thumbnail
නාමල් විතරයි ජනතාව වෙනුවෙන් ආවේ - මිහින්තලේ හිමි ආණ්ඩුව සැරටම අමතයි
12:51
Video thumbnail
නාමල්ට ලැබුණු ආදරය දැක්ක නාමලුත් පුදුම වෙයි
02:36
Video thumbnail
පිල්ලෙයාන්ගේ පැමිණීමත් එක්ක මඩකලපුව උසාවිය අවට උණුසුම් වෙයි
01:04
Video thumbnail
රු 20ක් අඩුකරපු එක හොඳටම ඇති - ජනතාවට හොඳටම දැනේවී
03:21
Video thumbnail
මහින්ද මහත්තයා යකඩ ගොඩක්නේ දුන්නේ - මේ ආණ්ඩුව හාල් කිලෝ 20ක් දෙනවනේ
02:30
Video thumbnail
මදියි මදියි.. තෙල් මිල තව අඩු කරන්න
02:23