සනත් නිශාන්තගේ ආරක්ෂක නිලධාරියාගේ අවසන් කටයුතු අද – ලක්ෂ 15ක මූල්‍යාධාරයකුත් (වීඩියෝ)

කටුනායක අධිවේගී මාර්ගයේ දී හදිසි අනතුරකට ලක්ව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සමඟ ජීවිතක්ෂයට පත් වූ ඔහුගේ ආරක්ෂක වශයෙන් සේවය කළ පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩිගේ අවසන් කටයුතු අද (27) දිනයේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඔහුගේ අවසන් කටයුතු හෑදෙනිය, මරවනාගොඩ දී සිදුකිරීමටයි නියමිතව ඇත්තේ.

මේ අතර අභාවප්‍රාප්ත පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩිගේ පවුලට රුපියල් ලක්ෂ 15ක මූල්‍යාධාරයක් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් පරිත්‍යාගකර තිබෙනවා.

පසුගිය 25 වනදා හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වූ ජලසම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ අවසන් කටයුතු හෙට (28) දිනයේ රාජකඳළුව රෝමානු කතෝලික සුසාන භූමියේ දී සිදුකිරීමටයි සැලසුම්කර ඇත්තේ.

ඔහුගේ දේහය මේ වනවිට ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත්කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයාට අවසන් ගෞරව දැක්වීමට පුත්තලම ප්‍රදේශයේ ජනතාව ඊයේ (26) පස්වරුවේ සිට එහි පැමිණෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51