උපතේදී වෙන්වී TikTok නිසා යළි හමුවූ සුරූපී නිවුන් සොයුරියන් මව සොයයි

ජෝර්ජියාවේදී ඉපදුනු අවස්ථාවේදීම මවගෙන් ලබාගෙන වෙනත් පුද්ගලයින් වෙත විකුණා දැමූ නිවුන් දරුවන් දෙදෙනෙකු ජනප්‍රිය කෙටි සමාජ මාධ්‍ය ජාල වේදිකාවක් වන ටික්ටොක් හරහා යළි හමු වී තිබෙනවා.

එමී සහ අනෝ රූපයෙන් සමාන නිවුන් දරුවන් වන නමුත් ඔවුන් ඉපදුණු වහාම ඔවුන්ගේ මවගෙන් ලබාගෙන වෙනම පවුල්වලට විකුණා තිබෙනවා.

වසර ගණනාවකට පසු, ඔවුන් අහම්බෙන් එකිනෙකා සොයාගත්තේ රූපවාහිනී වැඩසටහනකට යොමුකළ TikTok වීඩියෝවක් හේතුවෙන්.

මේ සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ ඔවුන් ජෝර්ජියාවේ රෝහල්වලින් සොරකම් කර විකුණා ඇති දහස් ගණනක් ළදරුවන් අතර සිටින එක් දරුවන් දෙදෙනෙකු පමණක් බවයි.

එමී සහ අනෝ එකිනෙකා සොයා ගත් ආකාරය පිළිබඳ කතාව ආරම්භ වන්නේ ඔවුන්ට වයස අවුරුදු 12 දීයී.

එමී ඇයගේ නිවසේ සිට ප්‍රියතම රූපවාහිනී වැඩසටහනක් වන Georgia`s Got Talent නරඹමින් සිටියදී ඇයගේම පෙනුමැති දැරියක් එහි නර්ථනයක් ඉදිරිපත් කරන අයුරු දැක තිබෙනවා.

ඒ අනුවයි පළමු වතාවට ඇයට සමාන දැරියක පිළිබඳ දැක ඇත්තේ.

ඉන් වසර හතකට පසු, 2021 නොවැම්බරයේදී, එමී TikTok හි ඇහි බැම සිදුරු කරන නිල් හිසකෙස් ඇති වීඩියෝවක් පළ කර තිබෙනවා.

අනතුරුව කිලෝමීටර් 320ක් දුරින් පිහිටි ටිබිලිසි හි තවත් 19 හැවිරිදි අනෝට එහි සිටින්නේ ඇය බව පවසමින් මිතුරෙකු විසින් එමීගේ වීඩියෝව යොමු කර ඇති අතර, අනතුරුවයි ඔවුන් මුහුණුපොත හා සම්බන්ධ වී වැඩිදුර තොරතුරු විමසා ඇත්තේ.

ඔවුන්ගේ උප්පැන්න සහතික අනුව, ඔවුන්ගේ උපන් දින සති දෙකක පරතරයකින් යුක්ත වී ඇති අතර, පසුව ඔවුන් නිවුන් සහෝදරියන් බව අනාවරණ කරගෙන තිබෙනවා.

ඒ, ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලයේ පළ වූ වීඩියෝවක් හරහායී.

ජෝර්ජියාවේ රෝහල්වලින් සොරකම් කර අලෙවි කරන බිළිඳන්ගේ තත්ත්වය තමන්ට ද අත් වී ඇති බවයි පසුව ඔවුන් වටහා ගෙන ඇත්තේ.

මේ වන විට ඔවුන් දෙදෙනා තම මව සෙවීමේ කටයුතු ද ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
4
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් මිල අඩු කරන්න එපා, රු 650ක් වෙනකම් වැඩි කරන්න
04:00
Video thumbnail
ජනාධිපතිතුමා කරපු වැඩේ දැකලා මිනිස්සු පුදුම වෙයි
01:16
Video thumbnail
අතුරුගිරියේ නිවසකින් අධි බලැති යතුරුපැදි පහක් කොටුවෙයි - කොහොමද බයික් ටික?
02:22
Video thumbnail
මගේ පැන්ට්‍රියට එන ඇමතිවරු දැන් ඉන්නේ - ආපු ගමන් අහන්නේ කෑම ගැන
04:19
Video thumbnail
නාමල් විතරයි ජනතාව වෙනුවෙන් ආවේ - මිහින්තලේ හිමි ආණ්ඩුව සැරටම අමතයි
12:51
Video thumbnail
නාමල්ට ලැබුණු ආදරය දැක්ක නාමලුත් පුදුම වෙයි
02:36
Video thumbnail
පිල්ලෙයාන්ගේ පැමිණීමත් එක්ක මඩකලපුව උසාවිය අවට උණුසුම් වෙයි
01:04
Video thumbnail
රු 20ක් අඩුකරපු එක හොඳටම ඇති - ජනතාවට හොඳටම දැනේවී
03:21
Video thumbnail
මහින්ද මහත්තයා යකඩ ගොඩක්නේ දුන්නේ - මේ ආණ්ඩුව හාල් කිලෝ 20ක් දෙනවනේ
02:30
Video thumbnail
මදියි මදියි.. තෙල් මිල තව අඩු කරන්න
02:23