පුහුණුකරුවෙක් නැති නිසා වැසී යන වඩු පාසල (වීඩියෝ)

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එකම වඩු පාසල පිහිටුවන්නේ ඇලහැර සියඹලාව ප්‍රදේශයේයි. වසර දෙකක් තිස්සේ වඩු කාර්මික පුහුණුකරුවෙකු අනියුක්ත නොවුණු මෙම වඩු පාසල අද වන විට වැසී ගොස් ඇතැයි දසත නිව්ස් වෙත වාර්තා වුණා.

මෙම වඩු පාසල 1980 වර්ෂයේදී උතුරු මැද පළාත් සභාව මඟින් වඩු කාර්මිකයන් පුහුණු කිරීමේ සහ සහතික පත් ලබා දීමේ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ආරම්භ කෙරුණා.

2022 වර්ෂයේදී මෙය ප්‍රතිසංස්කරණය කළද අද වන විට මෙම වඩු පාසල වල් බිහි වී විනාශ වී ගොස් තිබෙනවා.

ඊට හේතුව වසර දෙකක පමණ සිට වඩු කාර්මික පුහුණුකරුවෙක් මෙම ආයතනය සඳහා අනියුක්ත නොකිරීමයි.

ප්‍රදේශවාසීන් මේ පිළිබඳව උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයා අවස්ථා කිහිපයකදී  දැනුම්වත් කළද යහපත් ප්‍රතිචාරයක් මෙතෙක් ලැබී නැහැ.

ආර්ථිකයට ප්‍රයෝජනයක් නොමැතිව අපතේ යන තරුණ ශ්‍රමයට නිසි වටිනාකමක් ලබා දී වෘත්තීය කුසලතා ඉහළ නැංවීමට මෙවැනි වෘත්තීය පුහුණු ආයතන වෙතින් ලබා ගත හැකි සේවය නිමක් නැහැ.

නමුත් බලධාරීන් ඒ සම්බන්ධයෙන් දක්වන උනන්දුව පිළිබඳ ප්‍රදේශවාසීන් තුල ප්‍රසාදයක් නම් නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03