ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

ශ්‍රී ලංකා තායිලන්ත වෙළඳ ගිවිසුම අත්සන් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා.

සැපයුම් ධාරිතාව වර්ධනය කිරීම අපනයනාභිමුඛ ඍජු විදේශ ආයෝජන ආකර්ශණය කර ගැනීම සහ ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා සඳහා ජාත්‍යන්තර වෙළඳපොල ප්‍රවේශය පුළුල් කර ගැනීම ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා අත්‍යවශ්‍යයෙන් අනුගමනය කළ යුතු උපාය මාර්ග ලෙසටයි හඳුනාගෙන ඇත්තේ.

ඒ අනුව අග්නිදිග ආසියුනා ජාතීන්ගේ සංගමයෙහි විශාලතම ආර්ථියක් සහ විශාලතම භාහිර ආයෝජක රාජ්‍යයක් වන තායිලන්තය සමග නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පසුගිය 2018 වසරේ ජනවාරි 16 වනදා පැවති රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබෙනවා.

සාකච්ඡා ක්‍රියාවලිය අතරතුර ජාතික වෙළඳ සාකච්ඡා කමිටුව විසින් අදාළ සියලු දේශීය පාර්ශවකරුවන් සමග ද අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා සහ තායිලන්ත දෙපාරශවය අතර පැවති සාකච්ඡා වට 9කට පසු සකස් කරනු ලැබ ඇති වෙළඳාම සහ ආයෝජන වැඩිදියුණු කිරීම දේශීය නීති හා රෙගුලාසි සඳහා අනුකූලතාව සහ දැනුම් හුවමාරු කිරීම පහසුකරණය ඇතුලුව පූර්විකාව සහ ඇමුණුම් ඇතුලත් පරිච්ජේද 14කින් සමන්විත සම්පූර්ණ නිදහස් වෙළඳ ගිවිසුම් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ එකඟතාව ද ලැබී තිබෙනවා.

ඒ අනුව යෝජිත ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් තැබීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවයි අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?