තවත් විහාරස්ථානයක වෙඩි පත්තු වෙයි

ඊයේ (24) රාත්‍රියේ දොඩම්ගස්ලන්ද – උඩත්තාපොළ පුරාණ විහාරස්ථානයට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව මදුරාගොඩ පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කරන්නේ, විහාරාධිපති ගල්නෑවේ පඤ්ඤාකිත්ති හිමියන් වැඩ වසන කාමරයේ ජනේලයකට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

පඤ්ඤාකිත්ති හිමියන් එම අවස්ථාවේ දී ලැගුම් ගෙයි වෙනත් ස්ථානයක සැතපී සිටි බැවින් උන් වහන්සේට හානියක් සිදු ව නොමැති බවයි සඳහන් වෙන්නේ.

මෙම වෙඩි තැබීම බඳින තුවක්කුවක් හා සමාන කුවක්කුවකින් සිදු කර තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
0
+1
3
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?