IMF දෙවන සමාලෝචනය මාර්තු මාසයේදී – මුදල් ඇමති කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දෙවන සමාලෝචනය ලබන මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ඉන් අනතුරුව තුන්වන වාරිකය මෙරටට නිදහස් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියි.

ඉහළ දැමූ වැට් බදු අය කරගැනීමට ව්‍යාපාරිකයින්ගෙන් අනිවාර්යෙන්ම බදු ලියාපදිංචි අංකය ලබාගැනීමට කටයුතු කරන බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ඇතැම් පිරිස් රජයට බදු නොගෙවා එම ඉහළ දැමූ බදු මුදල් සිය ලාභය බවට පත්කර ගැනීමට කටයුතු කරමින් ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරසිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?