ගැටුම් මැද ඊශ්‍රායල අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

පලස්තීන රාජ්‍යයක් පිහිටුවීමේ අදහස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු යළිත් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔහුගේ මෙම ප්‍රකාශය සිදු වූයේ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් සමඟ පැවති දුරකථන සංවාදයෙන් පැය කිහිපයකට පසුවයි.

නෙතන්යාහු මහතාට තවමත් එම අදහස පිළි ගැනීමට අවස්ථාව ඇති බව එක්සත් ජනපද නායකයා ප්‍රකාශ කර තිබෙනවා.

එක්සත් ජනපදයේ මතය වී ඇත්තේ ඊශ්‍රායලය සමඟ පලස්තීනය අතර දිගුකාලීන ස්ථාවරත්වය සඳහා “ද්වි-රාජ්‍ය විසඳුමක්” අත්‍යවශ්‍ය බවයි.

නායකයන් දෙදෙනා මසකට ආසන්න කාලයකින් පසු පළමු වරට සංවාදයේ නිරත වීමෙන් පසුව මාධ්‍යවේදීන් අමතමින් බයිඩ්න් මහතා අවධාරණය කළේ නෙතන්යාහු මහතා සමඟ තවමත් රාජ්‍ය දෙකක විසඳුම ලබා ගත හැකි මට්ටමක පවතින බවයි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ පලස්තීනයේ සම්පූර්ණ බලය ඊශ්‍රායලය සතු කර ගත යුතු අතර පලස්තීන ප්‍රදේශයන්හි ආරක්ෂක පාලනය ඊශ්‍රාලය රඳවා ගත යුතු බවයි.

ස්වාධීන පලස්තීන රාජ්‍යයක් පිහිටුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් එල්ලවන පීඩනය නොතකා හරින බව ද ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. අනාගත පලස්තීන රාජ්‍යයක් පිහිටුවීමේ තම සංකල්පයට දායකත්වය සපයන ලෙසයි ඔහු අමෙරිකාව ඇතුළු බටහිර රටවලින් ඉල්ලා සිටින්නේ.

ගාසා තීරය ඉලක්ක කරගනිමින් සිදුවන ප්‍රහාරයන් සම්බන්ධයෙන් තමන්ට හා තම රජයට එල්ලවන පීඩනය නොසලකා හරින බව ද ඊශ්‍රායලය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා හා අමෙරිකා ජනාධිපතිවරයා අතර පැවති විශේෂ දුරකතන සංවාදයේදී පලස්තීන ප්‍රදේශවල අනාගතය ගැන සාකච්ඡා වී තිබුණා.

හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සෙනසුරාදා ප්‍රකාශ කළේ පසුගිය පැය 24 තුළ භූමි ප්‍රදේශයේ පුද්ගලයින් 165 දෙනෙකු මියගොස් ඇති අතර ගැටුම ආරම්භ වූ දා සිට සමස්තයක් ලෙස මියගිය සංඛ්‍යාව 25,000කට ආසන්න බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39
Video thumbnail
මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක්
01:09
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර
01:56
Video thumbnail
චිත්‍රපටි නළු දමිත් ෆොන්සේකා අත්අඩංගුවට - සීගිරියේ අනවසරයෙන් ළිඳක් ක#න්න ගිහින්
02:49
Video thumbnail
ජනපති පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට - "සල්ලිත් වියදම් කරලා - කිසිම ප්‍රතිඵලයක් නෑනේ"
05:48
Video thumbnail
දුප්පත් මිනිහට කන්න තිබ්බ රොටියටත් කෙ#යානේද ?දැන් සනීපයිද ?දුක දැනෙනවද ?
02:02
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට - දෙන්නා එක්කගෙන ආපු හැටි
00:50
Video thumbnail
කෙහෙළියගේ ගොට්ටෝ තාම NMR එකේ රජ කරනවා..ආණ්ඩුව බයද මෙයාලා මාරු කරන්න
03:47