AFC Banner
Empty Ad
Empty Ad

හමුදාවෙන් නිවාඩු ලබා පැමිණ අපරාධයකට ගිය සෙබළෙක් අත්අඩංගුවට

අම්බලන්ගොඩ ප්‍රදේශයේදී මාළු වෙළදාම් සිදුකරන ව්‍යාපාරියෙකුට වෙඩි තැබීමට යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු පිස්තෝල අවියක් සහ යතුරු සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුක්තිය මෙහෙයුම්වලට සමගාමීව විශේෂ කාර්ය බලකා විශේෂ යතුරුපැදි කණ්ඩායම විසිනුයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

වෙඩික්කරු ඇරැව්වල සමගි මාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර යුද හමුදා මුලස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන 38 හැවිරිදි අයෙක්.

මොහු යුද හමුදා වි⁣ශේෂ බලකායේ රාජකාරි කර දැනට විජයබා රෙජිමේන්තුවේ සේවය කරන ලබන අතර, නිවාඩු ලබා පැමිණ සිටියදී මෙම අපරාධයට ගමන් කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

යතුරුපැදිය පදවා ඇත්තේ බලපිටිය මෝදරවත්ත පාර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙක්.

සැකකරුවන් පැමිණි කළු පැහැති පල්සර් වර්ගයේ යතුරුපැදිය ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් පැමිණි යතුරු පැදිය BAC 3280 යන අංකය සහිත ව්‍යාජ අංක තහඩුවක් සවිකර අපරාධය සදහා පැමිණ ඇති අතර, පැදියේ නිවැරදි අංකය BBW 8164 වන බවටයි විමර්ශන නිලධාරීන් මේවන විට අනාවරණය කරගෙන ඇත්තේ.

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලොකු පැටී නැමැති අයගේ මෙහෙයවීම මත වෙඩි තැබීමට සැකකරුවන් පැමිණ ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
5
+1
1
+1
0
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?