වැරදි කරන රියදුරන් හඳුනාගන්න අලුත් වැඩක් (වීඩියෝ)

ලබන 22 වන සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ නගරයේ රථවාහන වැරදි සිදු කරන රියදුරන් හඳුනා ගැනීමට පොලිසිය නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව කොළඹ නගරයේ රථවාහන වැරදි නිරීක්ෂණය කිරීම සඳහා CCTV කැමරා භාවිත කිරීමට පොලිසිය කටයුතු කරන බවයි වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කළේ.

ඒ අනුව වැරදිකරුවන්ට නඩු පැවරීමට අදාළ CCTV කැමරා දර්ශන උපයෝගී කර ගන්නා බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

අදාළ දඩ පත්‍රිකා වාහනයේ ලියාපදිංචි අයිතිකරුට ළඟම ඇති පොලිස් ස්ථානයට යොමු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙම වැඩසටහන අනුව ආලෝක සංඥා වැනි මාර්ග සංඥාවලට අවනත නොවී රිය ධාවනය කරන රියදුරන් ආරක්ෂිත කැමරාවල සටහන්වල දර්ශන මගින් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57