ඩිජිටල්කරණය වූ පාසල් 3000ක් ඉදිරියේ දී

නිදහස් අධ්‍යාපනයේ උපරිම ඵල නෙළා ගනිමින් ඉදිරියේ දී ඩිජිටල්කරණය වූ පාසල් 3000ක් ඇති කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ලංකා ඊ ඩොක් ව්‍යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුමට එළඹීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ලංකා ඊ ඩොක් හා ඉන්දියාවේ ඇපලෝ රෝහල සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා.

මේ තුළින් ජාත්‍යන්තර සෞඛ්‍ය සේවාව සමඟ පහසුවෙන් එක්වීමට ශ්‍රී ලංකාවට හැකියාව හිමිවන අතර, ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ට ඉන්දියාව ඇතුළු රටවල වෛද්‍යවරුන් සමඟ දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමට මෙම ව්‍යාපෘතිය තුළින් හැකියව ලැබෙනවා.

එමෙන්ම වෛද්‍යවරුන්ගේ ජාත්‍යන්තර සහෝදරත්වය ගොඩනැගීම සායනිකව උපදෙස් මෙන්ම, සෞඛ්‍ය උපදෙස් ලබාදීම, මේ සියල්ල පහසුවෙන් ඉටු කිරීමේ හැකියාව ද උදාවෙනවා.

ඒ වෙනුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉතා දියුණු තාක්ෂණයක් භාවිත කරන ඇපලෝ රෝහලේ තාක්ෂණික සහාය ද හිමිවීම විශේෂත්වයක්.

මෙම උත්සව අවස්ථාව ඇමතූ අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත කියා සිටියේ ශ්‍රී ලංකාවට මෙවැනි ව්‍යාපෘති වැඩි වැඩියෙන් අවශ්‍යව ඇති බවයි.

“මෙම ව්‍යාපෘතිය යටතේ සෞඛ්‍ය සම්පත් මධ්‍යස්ථාන 100ක් රට පුරා ඇති කරන අතර, එසේම වෛද්‍යවරුන් සඳහා ජාත්‍යන්තරය සමඟ කටයුතු කිරීමට online ඉගෙනුම් මධ්‍යස්ථාන ක්‍රමය ගොඩනැගෙනවා.මේ සියල්ල සඳහා ම ඉන්දියාවේ තාක්ෂණ සහය භාවිත කරනවා. මේ අයුරින් ක්‍රියා කිරීමෙන් නිදහස් අධ්‍යාපනය මෙතෙක් ලබා නොගත් ප්‍රයෝජන ද ගත හැකියි”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51