සහල් ආනයනය ගැන කෘෂි ඇමතිගෙන් ප්‍රකාශයක්

2024 වසරේදී ද මෙරටට සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

2022 වසරේදී මෙරටට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 08ක් ඩොලර් මිලියන 300ක වියදමින් ආනයනය කළද 2023 දී සහල් ඇටයක්වත් ආනයනය කිරීමට රටේ ගොවි ජනතාව ඉඩ නොතැබූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (13) බරවකුඹුක කච්චිගල්ආර ප්‍රදේශයේ අපනයනය සඳහා වන පොල් ආශ්‍රිත අතුරු නිෂ්පාදන ගම්මානයය සඳහා වන නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ වැඩ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා,

2023 වර්ෂයේ දී මේ රටේ විදේශ විනිමය ඉතිරි කර ගැනීම සඳහා වැඩිම ඩොලර් ප්‍රමාණයක් රටට ඉතිරි කර දුන්නේ අපේ රටේ ගොවි ජනතාවයි. පසුගිය වර්ෂයේ වගා කටයුතු අසාර්ථක වුවා නම් අනිවාර්යෙන්ම සහල් ආනයනය කිරීමට සිදුවෙනවා. එහෙම වුනා නම් අඩු තරමින් ඩොලර් මිලියන 350ක් පමණ වැය කිරීමට රජයට සිදුවෙනවා. නමුත් පසුගිය වසර පුරාම මේ රටේ ජනතාව පරිභෝජනය කළේ අපේ රටේම සහල්. 2023 වර්ෂයේ දී සහල් ඇටයක්වත් මෙරටට ආනයනය කළේ නැහැ.
මේ වනවිට ගංවතුර නිසා මහ කන්නයේ වී වගාවට බලපෑමක් එල්ල වී තිබෙනවා. නමුත් මම කෘෂිකර්ම දෙපාර්තමේන්තු‌වෙන් කළ විමසීම් අනුව ගංවතුරට යම් කුඹුරු ප්‍රමාණයක් හසු වුනත් සමස්ත වී අස්වැන්නට ඉන් බලපෑමක් වන්නේ නැති බව ඔවුන් අවධාරණය කළා. කොහොම වුනත් මෙවර මහ කන්නයේ දීත් විශාල වී අස්වැන්නක් අපිට ලැබෙනවා. ඒ නිසා 2024 වර්ෂයේ දීත් සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් මතු නොවන බව මට විශ්වාසයි.

මීලඟ යල කන්නයේ වගා කටයුතුත් අපි වහාම ආරම්භ කළ යුතුව තිබෙනවා. ඒ සම්බන්ධව සියලු ගොවීන් දැනුම්වත් කිරීම වහාම ආරම්භ කරන ලෙස මම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නා. සුළු පරිමාණ වැව් යටතේ ඇති ඉඩම්වල මුංඇට, කව්පි, බඩඉරිඟු වැනි අතිරේක බෝග වගා කිරීමට අපි තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව
00:23
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර
00:57
Video thumbnail
දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
00:59
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර - "වෙලාවට කකුල් දෙක බේරිලා..මල්ලි බලාගෙන"
01:54
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව..එයාලගේ මූණුවල තියෙන දුක
01:03
Video thumbnail
අළුවූ වැඩිහිටි නිවස බලන්න මහරෑම ආරක්ෂක ලේකම් එයි - ඇවිත් මාධ්‍යයට කියපු දේ
02:13
Video thumbnail
හද කම්පා කරමින් දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
01:38
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40