විලියම් ලායි තායිවාන ජනපතිවරණයෙන් ජය ලබයි

විලියම් ලායි තායිවානයේ නව ජනාධිපතිවරයා ලෙසට මැතිවරණයෙන් තේරී පත්වී තිබෙනවා.

විලියම් ලායි තායිවානයේ මීළඟ ජනාධිපති වීමට නියමිතව ඇත්තේ ඔහුගේ සමීපතම ප්‍රතිවාදියා වන විපක්ෂයේ කුඕමින්ටැන්ග් පරාජය පිළිගැනීමෙන් පසුවයි.

ලායි චීනය විසින් කරදරකාරයෙකු ලෙස නම් කර ඇති අතර, ඔහුට ඡන්දය දීමට එරෙහිව මිනිසුන්ට අනතුරු අඟවා තිබුණා.

තායිවානය යනු තමන් විසින්ම පාලනය වන ප්‍රජාතන්ත්‍රවාදී දිවයිනක්.

නමුත් එය චීනයේ ප්‍රධාන භූමියට හිමිකම් කියන අතර රටක් ලෙස ජාත්‍යන්තර පිළිගැනීමක් හිමිවී නැහැ.

මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ලයි යනු, තායිවානයේ සෑම ප්‍රධාන දේශපාලන තනතුරක් ම පාහේ දරා ඇති හිටපු වෛද්‍යවරයෙක්. ඔහු 2020 සිට එරට උප-ජනාධිපතිවරයා ලෙස ලෙස කටයුතු කරනවා.

ඔහු පෑන්-ග්‍රීන් සභාගයේ නායකයා වන අතර, චීනය සමග යළි එක්වීමට විරෝධය පළ කරමින් ශක්තිමත් තායිවාන අනන්‍යතාවක් ගොඩනැගීම සඳහා පුළුල් ලෙස සහය දක්වන අයෙක්.

එක්සත් ජාතීන්ගේ සංවිධානය තායිවානය වෙන ම රටක් ලෙස පිළිනොගන්නා අතර, ලොව පුරා රටවල් 12ක් පමණක් ඔවුන් වෙන ම රටක් ලෙස පිළිගනියි (ප්‍රධාන වශයෙන් දකුණු ඇමෙරිකාව, කැරිබියන් සහ ඕෂනියාව තුළ).

ලෝකයේ බොහෝ එදිනෙදා භාවිත කරන ඉලෙක්ට්‍රොනික උපකරණ – දුරකතනවල සිට ලැප්ටොප්, ඔරලෝසු සහ ක්‍රීඩා කොන්සෝල දක්වා – බලගන්වන්නේ තායිවානයේ නිෂ්පාදිත පරිගණක චිප් මඟිනුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?