ඇමරිකාවේ ගුවන් ගමන් 2000කට වැඩි ප්‍රමාණයක් අවලංගු වෙයි

එක්සත් ජනපදයට බලපෑම් එල්ලවූ කුණාටු තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් 2,000කට වඩා අධික සංඛ්‍යාවක් අවලංගු කර ඇති අතර තවත් 2,400කට අධික ප්‍රමාණයක් ප්‍රමාද වීම් සිදුවී තිබෙනවා.

ශීත කුණාටුවකින් පසු මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ ගුවන් ගමන් ප්‍රමාදයන් සහ අවලංගු කිරීම් හේතුවෙන් මගීන් දහස් ගණනක් එක්සත් ජනපද ගුවන් තොටුපලවල අතරමං වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

චිකාගෝ හි O’Hare ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් වලින් 60% ක් පමණ අවලංගු කර ඇතැයි සඳහන්.

බලපෑමට ලක් වූ අනෙකුත් ගුවන් තොටුපළවල් වන්නේ ඩෙන්වර් ඉන්ටර්නැෂනල් සහ මිල්වෞකි මිචෙල් ඉන්ටර්නැෂනල් (Denver International and Milwaukee Mitchell International)ය.

එපමණක් නොව, මෙම තත්ත්වය කලාපයේ විදුලි සැපයුමටද බලපා තිබෙනවා. කුණාටුව සමග දකුණේ දැඩි ගිගුරුම් සහිත වැසි, හිම කුණාටු තත්ත්වයන් සමඟ විදුලිය විසන්ධි වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

සිකුරාදා උදෑසන වන විට Great Lakes සහ දකුණේ නිවාස ඇතුලු ව්‍යාපාර 250,000 කට ආසන්න ප්‍රමාණයකට විදුලිය විසන්ධි වී තිබෙනවා. චිකාගෝ හි O’Hare ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආශ්‍රිතව සුළඟ පැයට සැතපුම් 55ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සඳහන්.

දකුණු ප්‍රදේශය හරහා ඇද හැලෙන දරුණු ගිගුරුම් සහිත වැසි නිසා Arkansas හි පැයට සැතපුම් 74ක් තරම් දැඩි සුළං වාර්තාවී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57
Video thumbnail
කථානායකට කියලා දෙන්න ගිය අර්චුනා හොඳම එකෙන් අහගයි
00:50
Video thumbnail
පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු අය දැන් කියනවා අපි සෙංකෝලය උස්සනවලු
01:35
Video thumbnail
උසස්වීම් බලාගෙන විනිසුරුවන් ආණ්ඩුවට සපෝට් එක දෙනවා ද..?
08:30
Video thumbnail
අභීතගේ සමාජ මාධ්‍ය සංවාදය ගැන පොහොට්ටුව පිළිතුරු දෙයි - පක්ෂයේ අනුග්‍රහය මත තිබ්බ දෙයක් නෙවෙයි
02:19
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59