සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය හෙට (14) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.
වනිඳු හසරංග ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායකත්වයට පත්වීමෙන් පසු මුහුණ දෙන පළමු අභියෝගය මෙය වන අතර, සිකන්දර් රාසා ශ්‍රී ලංකාවට එරෙහිව සිම්බාබ්වේ පිලට නායකත්වය දෙන පළමු අවස්ථාව ද මෙය වීම විශේෂත්වයකි.
මේ දෙරට විස්සයි20 පිටියේදී හමුවන්නේ වසර 12කට පසුව වීම විශේෂත්වයකි. අවසන් වරට 2012 වසරේ හම්බන්තොටදී දෙපිල විස්සයි20 තරගයකින් හමුව ඇති අතර, එම තරගය ලකුණු 82කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
දෙරට අතර හෙට පැවැත්වෙන්නේ සිවුවැනි විස්සයි20 තරගය වන අතර, මින් පෙර පැවති තරග ත්‍රිත්වයේම ජය ශ්‍රී ලංකා පිල සතුවී තිබේ.විස්සයි20 තරගාවලියේ දෙවැනි තරගය 16 වැනිදාත්, අවසන් තරග 18 වැනිදාත් පැවැත්වේ.
ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය: වනිඳු හසරංග (නායක), චරිත් අසලංක (උප නායක), කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, කුසල් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුෂංක, මතීෂ පතිරණ, නුවන් තුෂාර, අකිල ධනංජය, පැතුම් නිශ්ශංක (ශාරීරික යෝග්‍යතාව මත).
සිම්බාබ්වේ විස්සයි20 සංචිතය – සිකන්දර් රාසා (නායක), බ්‍රයන් බෙනට්, රයන් බර්ල්, ක්‍රෙග් අර්වින්, ජෝයිලෝඩ් ගම්බී, ලූක් ජොන්වේ, ටිනාශි කමුනුකම්වේ, ක්ලයිව් මඩාන්ඩේ, වෙලිංටන් මසකඩ්සා, කාල් මම්බා, ටෝනි මුනියොන්ගා, බ්ලෙසිං මුසරබානි, ඒන්ස්ලි න්ලෝව්, රිචඩ් න්ගරාවා සහ මිල්ටන් ෂුම්බා.














