නව නායකයා සමඟ ශ්‍රී ලංකා සිම්බාබ්වේ වසර 12කට පසු හෙට 20-20 පිටි­යේදී හමු­ වෙයි

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය හෙට (14) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

වනිඳු හසරංග ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායකත්වයට පත්වීමෙන් පසු මුහුණ දෙන පළමු අභියෝගය මෙය වන අතර, සිකන්දර් රාසා ශ්‍රී ලංකාවට එරෙහිව සිම්බාබ්වේ පිලට නායකත්වය දෙන පළමු අවස්ථාව ද මෙය වීම විශේෂත්වයකි.

මේ දෙරට විස්සයි20 පිටියේදී හමුවන්නේ වසර 12කට පසුව වීම විශේෂත්වයකි. අවසන් වරට 2012 වසරේ හම්බන්තොටදී දෙපිල විස්සයි20 තරගයකින් හමුව ඇති අතර, එම තරගය ලකුණු 82කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

දෙරට අතර හෙට පැවැත්වෙන්නේ සිවුවැනි විස්සයි20 තරගය වන අතර, මින් පෙර පැවති තරග ත්‍රිත්වයේම ජය ශ්‍රී ලංකා පිල සතුවී තිබේ.විස්සයි20 තරගාවලියේ දෙවැනි තරගය 16 වැනිදාත්, අවසන් තරග 18 වැනිදාත් පැවැත්වේ.

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය: වනිඳු හසරංග (නායක), චරිත් අසලංක (උප නායක), කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, කුසල් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුෂංක, මතීෂ පතිරණ, නුවන් තුෂාර, අකිල ධනංජය, පැතුම් නිශ්ශංක (ශාරීරික යෝග්‍යතාව මත).

සිම්බාබ්වේ විස්සයි20 සංචිතය – සිකන්දර් රාසා (නායක), බ්‍රයන් බෙනට්, රයන් බර්ල්, ක්‍රෙග් අර්වින්, ජෝයිලෝඩ් ගම්බී, ලූක් ජොන්වේ, ටිනාශි කමුනුකම්වේ, ක්ලයිව් මඩාන්ඩේ, වෙලිංටන් මසකඩ්සා, කාල් මම්බා, ටෝනි මුනියොන්ගා, බ්ලෙසිං මුසරබානි, ඒන්ස්ලි න්ලෝව්, රිචඩ් න්ගරාවා සහ මිල්ටන් ෂුම්බා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
3
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් දෙයක් කිව්වම අනේ ප්ලීස් එපා කිව්වා..කොහොමද අපේ ආණ්ඩුවේ - පම්පෝරිය කටේ
03:34
Video thumbnail
නැකත් නැති නොනගතේ නැකත් ඕනි කියන්නේ ලිත් මුදලාලිගේ සල්ලි..ඇයි මෙච්චර කැක්කුමක්..
09:21
Video thumbnail
මෙරට විශාලම ජල මූලාශ්‍රය පිටබැද්දරින් මතුවෙයි.."මාර සතුටක් තියෙන්නේ..මෙහෙම දකිද්දි"
04:14
Video thumbnail
පිටබැද්දර පොළොවෙන් මතු වූ මහ ජල කඳ
00:36
Video thumbnail
පලුගස්වැවේ සැප දාපු SPA සෙට් එකට වැඩ වරදියි..වසන්තගෙන් දැඩි ප්‍රකාශයක් l Wasantha Samarasinghe
09:57
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මාර්ග සංඥා නොතකා ගමන් ගන්නා බස් රථය..ජීවිත ගැන කිසි වගකීමක් නැ
01:07
Video thumbnail
ඉදිරියේදී ඉන්ධන නැතිවීමේ ප්‍රවණතාවක් ?.. QR ක්‍රමවේදය අත්‍යවශ්‍ය වෙනවා
06:23
Video thumbnail
සලේගේ ළඟම හිතවතා මුල ඉදලම සිදුවුණු සියල්ල මාධ්‍යයට හෙළිකරයි..ඇයි සලේ ලංකාවෙන් පිටවෙලා ගියේ ?
43:38
Video thumbnail
වාසනාවකට ජීවිත බේරුණ බිහිසුණු අනතුර..වෑන් රථය කුඩේ කුඩු වෙලා
00:53
Video thumbnail
ලැක්ටෝවත්ත දහන උඳුනේ විනාශ කරන ද්‍රව්‍ය ගැන නි.පොලිස්පති අශෝක හෙළිකරයි
04:48