ආබාධය ඇති වු⁣ණේ LPL නිසා නොවෙයි – වනිඳු හසරංග

ලෝක කුසලාන තරගාවලියට පෙර පාදයේ ඇතිවූ ආබාධය එල්පීඑල් තරගාවලිය නිසා ඇතිවූවක් නොවන බව ඉතා පැහැදිලිව ප්‍රකාශ කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක වනිඳු හසරංග පවසනවා.

එල්පීඑල් තරගාවලියේදී ඇතිවූ ආබාධය සම්පූර්ණයෙන්ම සුවවී තිබියදී ශාරීරීක යෝග්‍යතාව වෙනුවෙන් දිවීමේ අභ්‍යාසවල යෙදීමේදී ඇතිවූ වෙනත් ආබාධයක් හේතුවෙන් ලෝක කුසලාන තරගාවලිය අහිමිවූ බවයි වනිඳු හසරංග සදහන් කළේ.

ශ්‍රී ලංකාව සහ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති තරග තුනකින් සමන්විත තරගාවලියේ අවසන් තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මෙම අදහස් පල කළා.

“පසුගිය දවස්වල අවාසනාවන්ත ලෙස හදිසියේම ඇතිවූ මගේ ආබාධය දැන් සම්පුර්ණයෙන්ම සුවයි. එහෙම නැත්නම් ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කරන්න මට අවස්ථාව ලැබෙන්නේ නෑ. මේ තරගයට එන්න කලින් මා අන්තර් ක්‍රීඩා සමාජ තරග 2කට ක්‍රීඩා කළා. ලෝක කුසලානය අහිමිවීම පිළීබඳ ක්‍රීඩකයෙක් විදිහට කණගාටුයි. අවුරුදු 4ක් එක දිගට ක්‍රීඩා කරලා ලෝක කුසලානය ලංවෙද්දී ආබාධ ඇති වුණාම ඕනෑම ක්‍රීඩකයෙක්ට ඒක කණගාටුවක්. ඇති වූ ආබාධය එල්පීඑල් ගහලා වුණ දෙයක් නම් නොවෙයි. එල්පීඑල් එකෙන් පස්සේ සුව වෙලා මා ලෝක කුසලානය වෙනුවෙන් පුහුණුවිම් කළා. යළි ආබාධ වුණේ දුවන්න ගිහින්. ඒක වෙනම ආබාධයක්. මොනවා වුණත් ගිය දේවල් කතා කර කර ඉන්නේ නැතිව ඉදිරි දේවල් ගැන අවධානය යොමු කළ යුතුයි කියා හිතනවා“

“ආබාධය සුව කරගන්න උදව් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූතියි. ශල්‍යකර්මය ඉතා සාර්ථකයි. ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයා විශාල කැපවීමක් කළා. නමුත් සමාජ මාධ්‍යවල එක එක කතා ගියා. මම සමාජ මාධ්‍ය බලන්නේ නෑ. එක එක ෆොටෝ සමහරු එවලා තිබ්බා. මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් වූ නිසා හැමදේම ලැබුණේ. ඒ නිසා ක්‍රිකට්වලට ගෞරව කළ යුතුයි. ක්‍රිකට් නැත්නම් වනිදු කෙනෙක් ගැන කවුරුත් දන්නේ නෑ. පොඩි කාලේ ඉදලම සැලසුම තිබුණේ ශ්‍රී ලංකා පිලට එන්නයි“

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග ජයග්‍රහණය කරද්දී හා පරාජය වෙද්දී ප්‍රේක්ෂකයින් කණ්ඩායම සමඟ සිටි බවත් ඔවුන්ගේ ආශිර්වාදය නිබඳවම ලැබූ බව ද ඔහු සඳහන් කළා. එහෙත් ශ්‍රී ලංකාවේ ජන ජීවිතයට අදාළ ප්‍රශ්න කොතෙකුත් තිබියදී පාර්ලිමේන්තුවේදී පවා ක්‍රිකට් පිළිබඳ කතා කළ බව වනිඳු හසරංග පෙන්වා දෙනවා.

“පසුගිය කාලේ තරග පරාජය වූ නිසා මේ තරග තුන බලන්න ආවේ නැහැ කියන්න බෑ. මොකද අද ගේට් දෙකක් ඕපන් කරලා තියෙනවා නොමිලේ. එතකොට මැච් බලන්න එනවා. එතකොට හිතන්න පුලුවන්නේ මැච් පරදින නිසාද? එහෙම නැත්නම් ප්‍රේක්ෂකයින්ට මේ කාලයේ ඇති අපහසුතා නිසාද, වෙනත් ප්‍රශ්න ඔවුන්ට තියෙනවාද කියා හිතන්න වෙනවා. පාර්ලිමේන්තුවේ කතා කළේත් ක්‍රිකට් ගැනයි. දිනනකොටත් පරදිනකොටත් හැමදාම ප්‍රේක්ෂකයෝ අපි එක්ක හිටියා. ඒක අපට ධෛර්යයක්“

වනිඳු හසරංග මාස 5කට පමණ පසු සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති තුන්වන එක්දින තරගයේදී කඩුලු 7ක් බිදහෙලා දස්කම් දැක්වීම කැපී පෙනුණා. ඔහුගේ එම දක්ෂතාව එක්දින පිටියේ ලොව හොදම පස්වැනි පන්දු යැවීම ලෙසටයි වාර්තා අතරට එක්වූයේ.

එමෙන්ම ප්‍රේමදාස තණතිල්ලේ හොදම පන්දු යැවීම හා ශ්‍රී ලංකාවේ එක්දින තරගවල හොදම දෙවැනි පන්දු යැවීම ලකුණු 19කට කඩුලු 7ක් ලෙස ක්‍රිකට් වාර්තා පොතේ සටහන් වුණා. චමින්ද වාස් 2001 වසරේ SSC පිටියේදී සිම්බාබ්වේ පිලට එරෙහිව ලකුණු 19කට කඩුලු 8ක් බිඳ හෙලා හොඳම පන්දු යැවීම සටහන් කර තිබුණා.

“ මාස 5කට පසුවයි එක්දින පිටියේ මා සෙල්ලම් කළේ. ඇවිත් පළමු තරගයේදීම මෙවැනි දස්කම් දක්වන්න ලැබීම පිළිබඳ සතුටුයි. අලුත් කණ්යමක් සමග මේ ලැබූ ජය පිළිබඳ සතුටු වෙනවා විස්සයි 20 නායකත්වය මට ලොකු පීඩනයක් නොවෙයි. නිමාවූ එල්පීඑල් තරගාවලි වසර 2ක් නායකත්වය දැරුවා. එයින් අවසන් වසරේ අපි කුසලානය ජය ගත්තා. පිඩනයක් ගනනේ නැතිව නායකයා වුනත් ක්‍රීඩකයෙක් වුනත් කන්ඩායමට අවහ්‍ය දේ කරන්න මට පුළුවන්. මාස 5කින් පසු එන ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවේ හොදම කණ්ඩායම සමග තරග දිනවන්න අවශ්‍ය වෙනවා. ඒ ලෝක කුසලානය අපේ දැන් එකම සැලසුමයි. අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ගේ සහයෝගය අරන් හොදින් ක්‍රීඩා කිරීමට අවශ්‍ය වෙනවා“



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14