තෛයිපොංගල් දා හින්දු රැඳවියන් සඳහා පමණක් අමුත්තන් හමුවීමට අවස්ථාව

ලබන 15 වනදාට යෙදෙන තෛයිපොංගල් දිනය වෙනුවෙන් බන්ධනාගාර ගතව සිටින හින්දු රැඳවියන් සඳහා පමණක් අමුත්තන් හමුවීමට අවස්ථාව ලබාදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ, අනුව එම රැඳවියන්ගේ ඥාතීන් විසින් නිවසින් රැගෙන එන ආහාර පාර්සල් හා රසකැවිලි එක් අයෙකුට සරිලන ප්‍රමාණ‍යක් පමණක් රැගෙන එන ලෙසයි දැනුම් දෙන්නේ.

පවතින නීතිරීති හා නියමිත ‍සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම‍වේදයන් යටතේ මෙම අවස්ථාව ලබාදීමට සියළුම බන්ධනාගාර කටයුතුකර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා.