කැනේඩියානු මහ කොමසාරිස් හා උතුරු පළාත් ආණ්ඩුකාරවරිය අතර සාකච්ජා

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් මහතා හා උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය අතර සාකච්ජාවක් ඊයේ(10) යාපනය පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ. 

කැනඩාවේ බොහෝ ආයෝජකයින් උතුරු පළාතේ  ආයෝජනය කිරීමට උනන්දු වීම පිළිබඳව තමන් සතුටට පත්වන බවටත් ඉදිරියටත් ද්වීපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කරගත යුතු බවත් ආණ්ඩුකාරවරිය එහිදි පැවසුවේය.

කැනඩා රජය උතුරු පළාතේ සිදු කිරීමට සැලසුම් කර ඇති හරිත බලශක්ති ව්‍යාපෘති, ආර්ථික සංවර්ධන ව්‍යාපෘති , නැවත පදිංචි කිරීම් ඇතුළු වැඩසටහන් සම්බන්ධයෙන්ද කැනඩා මහ කොමසාරිස්වරයා හා ආණ්ඩුකාරවරිය සාකච්ජා කළහ.

කැනඩා රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක උතුරු පළාතේ සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය සම්බන්ධයෙන්ද එහිදි කැනඩා මහ කොමසාරිස්වරයා විමසීය.

සාකච්ජාවන් වෙනුවෙන් කැනඩා මහ කොමසාරිස්කාර්යාල නිළධාරීන් පිරිසක්ද එක්වූහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?