දකුණු කොරියාව බලු මස් වෙළඳාම තහනම් කරමින් නීති සම්මත කරයි

2027 වසර වන විට සුනඛයන් ඝාතනය කිරීම සහ ඔවුන්ගේ මස් විකිණීම නතර කිරීම අරමුණු කර ගනිමින් දකුණු කොරියාව නව නීතියක් සම්මත කර තිබෙනවා.

කොරියානුවන්ගේ බලු මස් කෑමේ සියවස් ගණනාවක් පැරණි පුරුද්ද අවසන් කිරීම නව නීතියේ අරමුණයි.

පසුගිය දශක කිහිපය තුළ බලු මස් රාත්‍රී භෝජන සංග්‍රහයන්හි ප්‍රසාදයට ලක් නොවූ අතර විශේෂයෙන්ම යෞවනයන් එයින් වැළකී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

නව නීතියට අනුව මාංශ පරිභෝජනය සඳහා සුනඛයන් ඇති දැඩි කිරීම හෝ ඝාතනය කිරීම තහනම් කරනු ලබන අතර බලු මස් බෙදා හැරීම හෝ විකිණීම ද තහනම් වනු ඇති. මෙම කටයුතු තවදුරටත් සිදු කරන පුද්ගලයන් සිර දඬුවමකට යටත් කිරීමට නව නිතිය අනුව හැකියාවක් පවතිනවා.

මස් වෙනුවෙන් සුනඛයන් දඩයම් කරන පුද්ගලයන්ට වසර තුනක සිරදඬුවමක් නියම විය හැකි අතර මස් පිණිස බල්ලන් ඇති කරන හෝ බලු මස් විකුණන අයට උපරිම වශයෙන් වසර දෙකක සිර දඬුවමක් නියම කළ හැකියි. කෙසේ වෙතත්, බලු මස් පරිභෝජනය නීති විරෝධී වන්නේ නැහැ.

නව නිතිය වසර තුනකින් ක්‍රියාත්මක වන අතර එමඟින් ගොවීන්ට සහ ආපනශාලා හිමියන්ට විකල්ප රැකියා සහ ආදායම් මාර්ග සොයා ගැනීමට කාලය ලබා දී තිබෙනවා. ඔවුන්ගේ ව්‍යාපාර ක්‍රමානුකූලව ඉවත් කිරීමේ සැලැස්මක් ඔවුන්ගේ පළාත් පාලන ආයතන වෙත ඉදිරිපත් කිරීමට ඔවුන්ට සිදුවනු ඇති.

බලු මස් ගොවීන්ට, මස් වෙළෙන්දන්ට සහ ආපනශාලා හිමියන්ට පූර්ණ සහයෝගය ලබා දෙන බවට දකුණු කොරියා රජය පොරොන්දු වී ඇති අතර, ඔවුන්ගේ ව්‍යාපාර වසා දැමීමට ද බල කෙරෙනු ඇති.

රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව, පසුගිය 2023 වසරේදී දකුණු කොරියාවේ සුනඛ මස් අවන්හල් 1,600ක් සහ සුනඛ ගොවිපල 1,150ක් පමණ තිබූ බව සඳහන්.

සමහර වැඩිහිටි දකුණු කොරියානුවන් අතර “බොෂින්ටැං” නමින් හඳුන්වන සුනඛ මස් ඉස්ටුවක් ප්‍රණීත ආහාරයක් ලෙස සලකනු ලැබුණ ද මස් තවදුරටත් තරුණයින් අතර ජනප්‍රිය නොවන බවටයි අනාවරණ වී ඇත්තේ.

පසුගිය වසරේ සිදු කළ මත විමසුමකට අනුව, මිනිසුන්ගෙන් 8% ක් පමණක් පසුගිය මාස 12 තුළ බලු මස් අනුභව කළ බව ප්‍රකාශ කර ඇති අතර එය 2015 දී පැවති 27% ක ප්‍රමාණයට වඩා විශාල අඩුවීමක්.

මත විමසුමට ලක් වූවන්ගෙන් පහෙන් එකකට වඩා අඩු ප්‍රමාණයක් කියා සිටියේ ඔවුන් මස් පරිභෝජනයට සහාය දක්වන බවයි.

1980 ගණන්වල සිට පැවත එන දකුණු කොරියාවේ රජයන් සුනඛ මස් තහනම් කිරීමට ප්‍රතිඥා දුන් නමුත් ප්‍රගතියක් ලබා ගැනීමට අපොහොසත් වුණා. වත්මන් ජනාධිපති යූන් සුක් යෙයෝල් සහ ජනාධිපති ආර්යාව කිම් කියෝන් හී ප්‍රසිද්ධ සත්ව ලෝලීන් ලෙසටයි සැලකෙන්නේ. මෙම යුවළට සුනඛයන් හය දෙනෙකු සිටින අතර, කිම් මහත්මිය සුනඛයන් ආහාරයට ගැනීමේ පුරුද්ද අවසන් කරන ලෙස ඉල්ලා තිබෙනවා.

මෙම නව තහනම ලබා ගැනීම සඳහා දිගු කලක් තිස්සේ සටන් කරමින් සිටින සත්ව හිමිකම් කණ්ඩායම් අද ලැබුණු ප්‍රතිඵලය පැසසුමට ලක් කර ඇති බව සඳහන්.

බලු මස් ගොවීන් තහනමට එරෙහිව උද්ඝෝෂණ ද සංවිධාන කර තිබුණා. ඔවුන් තර්ක කළේ යෞවනයන් අතර ජනප්‍රියත්වය අඩුවීම සැලකිල්ලට ගෙන, කාලයත් සමඟ මෙම පුරුද්ද ස්වාභාවිකවම මිය යාමට ඉඩ දිය යුතු බවයි. බොහෝ ගොවීන් සහ ආපනශාලා හිමියන් වයෝවෘද්ධ අය වන අතර ඔවුන්ට ජීවිතයේ ප්‍රමාද වී තම ජීවනෝපාය මාරු කිරීම දුෂ්කර බව ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23