සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය වෙත භාර දී තිබෙනවා.
මන්ත්‍රී ධුරයෙන් තමා ඉල්ලා අස්වන බවට අද (09) පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයෙන් අනතුරුවයි ඔහු මෙලෙස ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇත්තේ.
මේ අනුව 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව 9වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ අසුන හිස්ව ඇති බව මහලේකම්වරිය විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දැනුම් දීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
3
+1
4
+1
1
+1
+1
3




