සෝමාලියා වෙරළට ඔබ්බෙන් ඉන්දීය නෞකාවකට මුහුදු කොල්ලකරුවන්ගේ ප්‍රහාරයක්

සෝමාලියාවේ වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගත් නෞකාවකට ඉන්දීය නාවික හමුදා කමාන්ඩෝ භටයින් ආරක්ෂිතව පැමිණ තිබෙනවා.

බ්‍රහස්පතින්දා සවස සන්නද්ධ පුද්ගලයින් පිරිසක් නෞකාව අත්පත් කර බවයි එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් එක්සත් රාජධානියේ සමුද්‍ර ඒජන්සියකට ආපදා සංඥාවක් මගින් දන්වා යවා තිබුණේ.

ඔවුන් සමඟ සම්බන්ධතා ඇති කර ගැනීම සඳහා මුර සංචාර ගුවන් යානයක් යවන ලද අතර අනතුරුව මඟ පෙන්වන මිසයිල විනාශකාරී නෞකාවක් වන INS චෙන්නායි ද යොමු කෙරුණා.

එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් (UKMTO) ප්‍රකාශ කර ඇත්තේ අනවසර පුද්ගලයන් කිසිවෙකුත් නෞකාවෙන් හමු නොවූ බවයි.

කාර්ය මණ්ඩල සාමාජිකයින් 15 දෙනාම ආරක්ෂිතව සිටින අතර යාත්‍රාව ප්‍රදේශයෙන් පිටතට ගමන් කරමින් සිටින බව එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් ඒකකය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

MV Lila Norfolk ලෙස නම් කර ඇති ලයිබීරියානු ධජය දරණ මෙම නෞකාව සෝමාලියාවේ Eyl වරාය නගරයට නැගෙනහිරින් පැහැරගත් බවට වාර්තා වී තිබුණේ බහරේනය බලා ගමන් කරමින් සිටියදී යි. එහි කාර්ය මණ්ඩලයේ 15 දෙනා ඉන්දීය ජාතිකයන්.

කාර්ය මණ්ඩලය මීට පෙර පවසා ඇත්තේ ඔවුන් යාත්‍රාවේ ආරක්ෂිතව සැඟවී සිටින බවයි.

සෝමාලියාවේ වෙරළට ඔබ්බෙන් වූ යාත්‍රාවලට මෑතක දී වරින් වර ප්‍රහාර එල්ල වීම නිසා කලාපය තුළ මුහුදු කොල්ලකෑම් යළි හිස ඔසවමින් පවතිනු ඇතැයි කනස්සල්ලක් පවතිනවා.

බොහෝ විට Eyl සිට ක්‍රියාත්මක වූ මුහුදු කොල්ලකරුවන්ගේ ප්‍රහාර 2008-2011 දක්වා ජාත්‍යන්තර නැව් ගමනාගමනය සඳහා විශාල ගැටලුවක් වූ අතර, එම ප්‍රදේශයේ මුර සංචාරය සඳහා යුද නැව් යැවීමට ලොව පුරා රටවල් පෙළඹුණා.

එක් විශේෂඥයෙකු රොයිටර් පුවත් ඒජන්සියට පැවසුවේ යේමනයේ හූති කැරලිකරුවන්ගෙන් නැව් ගමනාගමනය ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජනපදයේ සහ අනෙකුත් රටවල නාවික හමුදා නැව් ඉන්දියන් සාගරයේ සිට රතු මුහුදට ගෙන යාම නිසා සෝමාලියාවට ඔබ්බෙන් මුහුදු කොල්ලකරුවන්ගේ ප්‍රහාර වර්ධනය වී ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18