ඉහළ කොත්මලේ ජලාශයෙන් හමුවූ කාන්තා මළ සිරුරේ අහිරහස හෙළිවෙයි

පසුගිය 25 වනදා ඉහළ කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබියදී සොයාගත් කාන්තා මළ සිරුරේ අනන්‍යතාව තහවුරුකරගෙන තිබෙනවා.

මෙය සියදිවි හානිකරගැනීමක් නොවන බවත් අදාල කාන්තාවගේ සැමියා විසින් ඇයව ඝාතනය කර පසුව සිරුර රැගෙනවිත් ඉහළ කොත්මලේ ජලාශයට දමා ඇති බවයි පොලිසිය පැවසුවේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ආගරපතන, ටොරිංටන් වතුයායේ පදිංචිව සිටි 28 හැවිරිදි දෙදරු මවක් බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

සැමියා සමඟ නිවසේදී ඇතිවූ ආරවුලක් අතර තුර සැමියා විසින් මැයට පොල්ලකින් පහර දී ඝාතනය කිරීමෙන් අනතුරුව පසුගිය 24 වන දින රාත්‍රියේ වෑන් රථයකින් සිරුර රැගෙන ගොස් ඉහළ කොත්මලේ ජලාශයට ගෙනවිත් දමා ඇති බවටයි හෙළිව ඇත්තේ. සැකකාර සැමියා ආගරපතන නගරයේ වෑන් රථයක රියදුරෙක් වශයෙන් කටයුතු කරන අතර ඔහු පසුගිය 24 වන දින රාත්‍රියේ වෑන් රථයේ අයිතිකරුගෙන් ඉල්ලාගෙන රථය තම නිවස වෙත රැගෙනවිත් මියගිය බිරිඳගේ සිරුර එහි දමාගෙන රැගෙන ගොස් ඇති බවට දැනට කරන ලද මූලික පරික්ෂණ වලදි අනාවරණය වී තිබෙනවා. සැකකාර සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ අපරාධය සම්බන්ධව පාපොච්චාරණය කර තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තලවකැලේ සහ ආගරපතන පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි.

පෙර පුවත – ඉහල කොත්මලේ ජලාශයේ කාන්තා මළ සිරුරක්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම - මිත්තණිය සහ පුංචි පුතා එළොව යයි
02:29
Video thumbnail
සලේ කියලා අමුතු මිනිහෙක් නෙවෙයි..අපි හිරේ ගියත් මෙච්චරයි - කන බොන එක තීරණය කරන්නෙ තමන්මයි
01:16
Video thumbnail
බස් ගාස්තු ගැන අහද්දි මාලිමා මන්ත්‍රීට යකා නගියි - සහනය ජනතාවට ලැබිලනේ යකෝ
03:14
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19