දැනට අලෙවි කෙරෙන පොහොරවලට වැට් නැහැ – ගොවීන්ට දැනුම්දීමක්

දැනට වෙළෙදපොළේ අලෙවි කරන යුරියා, MOP, TSP වැනි රසායනික පොහොර සඳහා ජනවාරි 01 සිට ක්‍රියාත්මක කරන ලද වැට් බදු අය කිරීමේ ප්‍රතිපත්තිය අදාළ නොවන බව පොහොර සැපයුම්කරුවන් අවධාරණය කරනවා.

එයට හේතුව දැනට වෙළෙදපොළේ අලෙවි කෙරෙන පොහොර ආනයනය කර තිබෙන්නේ වැට් බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට පෙර වන අතර ඊට වැට් බද්දක් අදාළ සමාගම් විසින් ගෙවා නැති බවයි කෘෂි කාර්ම අමාත්‍යාංශය නිවේදනය කළේ.

අද දපෙරවරුවේ (04) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී මෙම කරුණ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදු කෙරුණා.

දැනට වෙළෙඳ පොළේ අලෙවි කරන රසායනික පොහොර සඳහා වැට් බදු අය නොකරන ලෙසටයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම සමාගම්වලින් ඉල්ලා ඇත්තේ.

මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, රජයට අයත් පොහොර සමාගම් දෙකේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා යන මහත්වරු මෙන්ම පොහොර ආනයන සමාගම් කිහිපයක නියෝජිතයෝ ද සහභාගි වී තිබෙනවා.

මේ වනවිට 2023/24 මහ කන්නයේ වී වගාවේ අස්වනු නෙලාගැනීමේ කටයුතු ආරම්භ වී තිබෙනවා. එමනිසා දැනට රසායනික පොහොර අලෙවියේ කිසියම් අඩුවීමක් පවතිනවා. නමුත් දැනට වෙළෙද පොලේ ඇති පොහොර ආනයනය කර තිබෙන්නේ පැරණි පැවැති මිල ගණන් යටතේ වන අතර එම පොහොර ආනයනයේ දී වැට් බදු අය කිරීමක් සිදු කර නැහැ.

එමනිසා දැනට වෙළෙදපොළේ අලෙවි කරන පොහොර සඳහා කිසියම් ආයතනයක් වැට් අයකරන්නේ නම් වැට් සඳහා වන බිල්පතක් ඉල්ලා සිටින ලෙස සියලුම ගොවීන් දැනුම්වත් කරන ලෙසටයි පොහොර සමාගම්වල නියෝජිතයන් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළේ.

එමෙන්ම පළිබෝධනාශක සම්බන්ධව වැට් බදු අය කිරීමක් සිදුකළ යුතු වුව ද, පළිබෝධනාශක අලෙවියෙන් ලබන ලාභය මත එම වියදම ආවරණය කර ගන්නා බැවින් මූලික මිල ගණන්වලට වැට් එකතු කිරීමක් සිදු නොකිරීමට ද පලිබෝධ නාශක බෙදාහරින සමාගම් නියෝජිතයන් ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14