කවර බාධක පැමිණියත් අධ්‍යාපන පද්ධතියේ තීන්දු තීරණ කල් දැමීමට හැකියාවක් නෑ

කවර බාධක පැමිණිය ද ‍අධ්‍යාපන පද්ධතිය තුළ වැඩ කල් දැමීමට කිසිදු හැකියාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ගනු ලබන ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ක්‍රියාවට නැංවීම වෙනුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු‍ අංශ සමග මනා සම්බන්ධිකරණයක් පවත්වාගනිමින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

2024 වසර තුළ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නැංවීමට යෝජිත වැඩසටහන්, ඉදිරි ප්‍රතිපත්තිමය තීන්දු තීරණ, සැලසුම් සහ සංවර්ධන ක්‍රියාමාර්ග සම්බන්ධව සියලු‍ අංශ ප්‍රධානීන් සමග කරුණු සාකච්ඡා කිරීමේ විශේෂ හමුවකට අද (04) එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.

පරිපාලන ක්ෂේත්‍රයේ අත්දැකීම් රැසක් ඇති වසන්තා පෙරේරා මහත්මිය අධ්‍යාපන අමාත්‍යාංශයේ අභිනව ලේකම් ධූරයට පත්ව සිටීම සතුටට කරුණක් බව ද පෙන්වා දෙමින් එතුමියට සිය සුබ පැතුම් එක් කළ අමාත්‍යවරයා, පසුගිය කාලවකවානුව තුළ අභියෝග රැසකට මුහුණ දෙන අතරතුර අධ්‍යාපන ක්ෂේත්‍රයේ තීන්දු තීරණ ගැනීමට සිදු වූ බව ද අවධාරණය කර තිබෙනවා.

මෙම වසරේ පෙබරවාරි 02 වනදා සිට 16 වනදා දක්වා සති දෙකක කාල පරිච්ඡේදය තුළ සෑම පාසලක ම දෙමව්පියන් සමග පන්ති කව පැවැත්වීම සම්බන්ධව නව චක්‍රලේඛ නිකුත් කිරීම, ගුරු සංවර්ධන වැඩසටහන් සහ සෙසු මානව සම්පත් සංවර්ධන සැලැස්ම සම්පාදනය, පූර්ව ළමා අවධි සංවර්ධිත වැඩසටහන සඳහා පළාත්, කලාප, කොට්ඨාස පදනමින් පුහුණුකරුවන් පුහුණු කිරීම, ප්‍රාථමික ශේණි සඳහා කථන ඉංග්‍රීසි වැඩසටහන ආරම්භ කිරීම, උසස් පෙළ ගුරුවරුන් සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමඟ අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, උසස් පෙළ හා සාමාන්‍ය පෙළ පසු මාර්ගෝපදේශ වැඩසටහන් සම්පාදනය, නව පාරිසරික සම්පත් මධ්‍යස්ථාන 17ක් ආරම්භ කිරීම ඇතුළු ප්‍රධාන විෂය ක්ෂේත්‍ර 26 ක් සම්බන්ධ කරුණු මෙහි දී සාකච්ඡාවට ලක් වී තිබෙනවා. ඒ ඒ අංශ ප්‍රධානීන් විසින් මෙම වැඩසටහන් හා ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සම්බන්ධව දැනට ගෙන ඇති පියවර හා ප්‍රගතිය ද මෙහි දී ඉදිරිපත් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39