ඉන්දුනීසියාවේ තෙල් පිරිපහදුවක විශාල ගින්නක්- පිරිසක් අතුරුදන්

ඉන්දුනීසියාවේ විශාලතම තෙල් පිරිපහදුවක ඇතිවූ දැවැන්ත ගින්නක් මැඩපැවැත්වීමට ඉන්දුනීසියාවේ ගිනි නිවන භටයින් කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

රාජ්‍ය තෙල් සමාගමක් වන පර්ටමිනා විසින් පවත්වාගෙන යනු ලබන බැලොන්ගන් පිරිපහදුවේ ගින්න හටගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

මෙම ගින්නෙන් අවම වශයෙන් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇති අතර නිවැසියන් 950 ක් පමණ ආරක්ෂාව සඳහා ඉවත් කර තිබෙන බවත් වාර්තා වනවා

කිහිපදෙනෙක් මෙහිදී අතුරුදහන් වී ඇති බවත් නිශ්චිත වශයෙන් ගණනය කළ නොහැකි බවත් සඳහන්

ගින්නට හේතුව තවමත් පැහැදිලි නැති බවත් වාර්තා වනවා

බටහිර ජාවා පළාතේ පිහිටි පිරිපහදුවට ඉහළින් දුමාරයක් ඉහළ යාමත් සමඟ සඳුදා(29) උදෑසන ගින්න තවමත් ඇවිළෙමින් පවතින බවයි වාර්තා වන්නේ

කලාපීය ආපදා කළමනාකරණ ඒජන්සිය පවසා තිබෙන පරිදි බරපතල පිළිස්සුම් තුවාල සහිත පුද්ගලයින් පස් දෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා .

https://youtu.be/IXtfQbuM6c8


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42