චමරි අතපත්තු නවසීලන්තයේ කාන්තා සුපර් ස්මෑෂ් ක්‍රිකට් තරගාවලියට

ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම් නායිකා චමරි අතපත්තු නවසීලන්තයේ කාන්තා සුපර් ස්මෑෂ් ක්‍රිකට් තරගාවලියේ ‘නදර්න් ඩිස්ට්‍රික්ට්’ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.

චමරි සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් පැවසුවේ “මම නදර්න් ඩිස්ට්‍රික්ට් කණ්ඩායම සමග සම්බන්ධ වන පළමුවැනි වතාව හින්දා ලොකු උද්‍යෝගයකින් ඉන්නෙ. අපිට හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන් වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා.” යනුවෙන්ය.

නිමා වූ බිග් බෑෂ් තරගාවලියේ සිඩ්නි තන්ඩර් කණ්ඩායමට චමරි ක්‍රීඩා කළ අතර එහිදී ඇය ඉනිම 14කදී ලකුණු 552ක් සහ කඩුලු 9ක් වාර්තා කරමින් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්විය

පසුගිය 19 වැනිදා ආරම්භ වූ ‘සුපර්ස්මෑෂ්’ තරගාවලියේ ‘නදර්න් ඩිස්ට්‍රික්ට්’ කණ්ඩායම සහභාගී වන තුන්වන තරගය අද (2 ) පැවැත්වීමට නියමිත අතර මෙම තරගය සඳහා චමරි ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතිනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස්
05:39
Video thumbnail
ආණ්ඩුව වමට සිග්නල් දාලා දකුණට යන්නේ - අධිකරණය බාල්දු කරන්න හදනවා
05:56
Video thumbnail
අපි හැමෝම දැන් සතුටින් ඉන්නේ - කනවා නෙමෙයි ලෙව කනවා
07:02
Video thumbnail
ජනාධිපතිට අභියෝගයක් - සජබයේ නව සංවිධායක ගේම ඉල්ලයි
03:47
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට දාපු කින්ඩිය - මේ ආණ්ඩුව මැතිවරණයට බයයි
02:12
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවාට හමුදාපතිගෙන් උත්තමාචාරයක්
06:04
Video thumbnail
'ද ෆිනෑන්ස්' තැන්පත්කරුවන් 6300කට තාම සාධාරණයක් ඉටුවෙලා නෑ
06:21
Video thumbnail
සංගීත ප්‍රසංගවලින් ජනතාවට කරදරයක් වෙනවා නම් පොලිසියට කියන්න
03:11
Video thumbnail
22ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය පාරට බහී
00:39
Video thumbnail
ඔන්ලයින් හයර් ආවා කියලා වීල් රියදුරාට ගහලා?
01:05