ඩේවිඩ් වෝනර්ගේ බෑගී ග්‍රීන් කැප් තොප්පිය සොරාගනී

ඕස්ට්‍රේලියානු ආරම්භ පිතිකරු ඩේවිඩ් වෝනර් සහභාගීවන අවසන් ජාත්‍යන්තර ටෙස්ට් තරගය හෙට (03) සිඩ්නි හිදී ආරම්භ වනවා.

මේ අතර ඩේවිඩ් වෝනර්ගේ ටෙස්ට් කැප් තොප්පිය කිසියම් අයෙකු විසින් සොරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙක්ට ජගත් ටෙස්ට් වරම් හිමිවීමත් සමඟ ලබාදෙන ටෙස්ට් කැප් තොප්පිය හෙවත් බෑගී ග්‍රීන් කැප් තොප්පිය මෙලෙස සොරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වෝනර් පවසන්නේ පාකිස්ථානය සමඟ මෙර්ල්බන් හිදී පැවති ටෙස්ට් තරගයෙන් පසු සිඩ්නි දක්වා ගුවනින් ගමන් කරන අතර වාරයේ සිය බෑගයේ තිබූ ටෙස්ට් කැප් තොප්පිය මෙලෙස සොරාගෙන ඇති බවයි.

සිය සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් පළකරමින් වෝනර් පවසන්නේ තමන් සහභාගීවන අවසන් ටෙස්ට් තරගයට පෙර තමන් වෙත එය යළි ලබාදෙන ලෙසයි.

මේ අතර ඩේවිඩ් වෝනර් මුහුණ පෑ මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් පාකිස්ථාන ටෙස්ට් නායක ෂාන් මැසූඩ් කණගාටුව පළකර ඇති අතර, එම කැප් තොප්පිය සොයාගැනීම වෙනුවෙන් ඕස්ට්‍රේලියානු රජය ද මැදිහත් විය යුතු බවයි ඔහු පවසා සිටියේ.

2011 වසරේ අප්‍රේල් මස පළමු වනදා බ්‍රිස්බේන් හිදී ඩේවිඩ් වෝනර්ට බෑගී ග්‍රීන් කැප් තොප්පිය හිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
4
+1
3
+1
10
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32