වීඩියෝ එක අක්කට පෙන්නනවා හැමදාම හවසට ගෙදර ආවේ නැත්තම්

කැකිරාව ප්‍රදේශයේ පාසලක දහය වසර එකම පංතියේ ඉගෙනුම ලබන පහළොස් හැවිරිදි ශිෂ්‍යාවක් බියට පත් කර එක් ශිෂ්‍යයකුගේ නිවසට කැඳවා සති තුනක පමණ කාලයක් බරපතළ ලිංගික අපයෝජනය කර ඇති පහළොස් හැවිරිදි ශිෂ්‍යයන් දෙදෙනකු සැකපිට පසුගිය දා කැකිරාව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

වින්දිත ශිෂ්‍යයාව එකම පංතියේ තවත් ශිෂ්‍යයකු සමඟ කතා කරමින් සිටින අයුරු ජංගම දුරකථනයකින් වීඩියෝ කර ශිෂ්‍යාවගේ අක්කාට පෙන්වන බවට බියට පත්කර එසේ නොකරන්න නම් තම නිවසට පාසල නිම වී පැමිණෙන ලෙස දන්වා ශිෂ්‍යයන් දෙදෙනා විසින් ශිෂ්‍යාවට වරින්වර බරපතළ ලිංගික අපයෝජන කර ඇති බව පොලිස් පරීක්‍ෂණයේදී අනාවරණය වී තිබේ. සිද්ධිය ශිෂ්‍යාවගේ අක්කා සියැසින් දැක පසුව පොලිසියට පැමිණිලි කර ඇත. අදාළ ශිෂ්‍යාවගේ මව ඇය කුඩා කාලයේම මියගොස් ඇති අතර දැනට අක්කා භාරයේ දිවි ගෙවති. අපයෝජනයට ලක්වූ දැරිය කැකිරාව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ උප පොලිස් පරීක්‍ෂිකා ඉන්‍ද්‍රානි මහත්මිය විසින් කැකිරාව දිසා රෝහලේ වෛද්‍ය සේනාරත්න මහතා වෙත යොමු කිරීමෙන් අනතුරුව සිදුකළ පරීක්‍ෂණයේදී දුෂණයට ලක් වී නැති බව තහවුරු වී ඇත.

ශිෂ්‍යාව ලබා දුන් ප්‍රකාශ අනුව අත්අඩංගුවට ගත් සැකකාර ශිෂ්‍යයන් දෙදෙනා කැකිරාව දිසා මහෙස්ත්‍රාත් යූ. එස්. කේ. කේ. වෙරණියගොඩ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 31 වැනිදා කැකිරාව උසාවියට කැඳවීමට නියෝග කළ අතර ශිෂ්‍යයන් දෙදෙනා අනුරාධපුර අභය ළමා නිවසයේ රඳවා තබන ලෙසත් ශිෂ්‍යාව අක්කා භාරයේ තබන ලෙසත් පොලිසියට නියෝග කළේය. කැකිරාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන් කුමාරසිරි මහතාගේ උපදෙස් අනුව කාන්තා උප පොලිස් පරීක්‍ෂිකා ඉන්‍ද්‍රානි සහ උප පොලිස් පරීක්‍ෂක එච්. එම්. ධනපාල හේරත් යන මහත්ම මහත්මීන් විසින් මෙම නඩුව උසාවියට ඉදිරිපත් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
33
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53